රට ඉදිරියට යැමට නම් ශි‍්‍ර ලාංකිකයන් විදියට හිතන රටක් නිර්මාණය කල යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
ඊයේ (9) මාතරදි පැවති ව්‍යාපාරික හමුවකදි ඔහු මේ බව පැවසිය .
එහිදි අදහස් පළ කල ඒ මහතා ,
‘‘ මේ තරම් ස්වභාවික සම්පත් , මානව සම්පත් වලින් පිරුණ රටක් , ඉදිරියට යන්න පුළුවන් රටක් පසුගාමි වුණේ ඇයි කියලා අපි කල්පනා කල බැලිය යුතුයි . සිමාවක් නැතිව ඉදිරියට යන්න , අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන් රටක් මෙහෙම වුණේ කොහොමද? . අපිට කොයිතරම් සම්පත් තිබුණත් ජාතිවාදය , ආගම්වාදය , කුලවාදය හා කුලල් කා ගැනිම තියෙනවනම් එහෙම රටකට ඉදිරි ගමනක් නැහැ . 1980 ලික්වාන් යු සිංගප්පුරු අගමැතිතුමා ලංකාවට ආපු වේලාවේ කිව්වා ශි‍්‍ර ලංකාව කිසිම රටක් අනුගමනය කල යුතු නැ කියලා . සුලූවට විසඳගන්න තිබුණ භාෂා ප්‍රශ්නයක් නිසා අසුගණන්වල මහා යුද්ධයක් බවට පත් වුනා . ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා හඳුන්වලා දුන්න වෙළදපොළ ආර්ථිකය නිසා අමාරුවෙන් හරි රට ඉස්සරහට ගියා . 1983 වෙනකොට මහා සමාගම් අපේ රටට ආවා . කටුනායක ආර්ථික කලාපයක් බවට පත්වුනා . එහෙම තියෙද්දි 1983 කලූ ජුලිය නිසා ලෝකයේ මහා සමාගම් අපේ රට අතැරලා යන්න පටන් ගත්තා . අපි ශි‍්‍ර ලාකාව විදියට නොහිතනතාක් අපේ රටට ඉස්සරහට යන්න බැහැ , ඒ නිසා අපි ශි‍්‍ර ලාංකිකයන් විදියට හිතන රටක් හදන්න ඕනෑ .
අපි කිසිම කඳවුරකට අයිති නැහැ . ඇමරිකාව , චිනය හෝ රුසියාව කියන එකම කඳවුරකටවත් අපි අයිති නැහැ . නමුත් අපි සියලූ දෙනා එක්කර රාජත්රාත්තිකව ගණුදෙනු කරනවා . ඒ නිසා තමයි පසුගිය ආණ්ඩු කාලයේ රටට අහිමි වෙලා තිබුණු සහන නැවත අපට ලබා ගන්න හැකිවුණේ . ඒ විතරක් නෙමෙයි 2018 වර්ෂයේ තමයි මෑත කාලයේ ආයෝජකයන් වැඩියෙන්ම මගේ රටට ආවේ . මේ සියල්ල කරන්න ජාතික සමගිය , ප්‍රජාත්‍රන්තවාදය හා ජාත්‍යන්තර සබඳතා ශක්තිමත්ව තියෙන්න ඕන ’’ යැයි සමරවිර මහතා වැඩිදුරටත් පැවසිය .