මේ සමෘද්ධිය දෙන්නේ ඡන්දේ ගන්න නෙමෙයි, එදා දේශපාලන අතකොලු බවට පත් නොවුණු නිසා සමෘද්ධිය නොලැබුණු මිනිසුන් වෙනුවෙන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.
අමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළේ පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ රත්නපුර ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නව සමෘද්ධි සහනාධාර හිමිකම්පත් බෙදාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යතුමිය,
"පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබාදීම සඳහා මුලිකත්වය ගත් දයා ගමගේ අමාත්‍යතුමාට ස්තුතිවන්ත විය යුතුයි. මේක පටන් ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමා මේක දුන්නේ ජනසවිය නමින්. එදා දේශපාලන භේදයෙන් තොරව සුදුසු අයට ජනසවිය දුන්නා. 1994න් පස්සේ මේ ව්‍යාපාරය දේශපාලනීකරණය වුනා. අද මෙතන ඉස්සරහා ඉන්නේ දේශපාලනීකරණයෙන් තොරවයි. එදා යූ. එන්. පී, ජේ. වී. පී අයට සමෘද්ධිය අහිමි වුනා. එකම සුදුසුකම වුනේ හිතවත්කමයි. මෙක මෙහෙයවපු නිලධාරීන් දේශපාලනය හරහා මෙහෙයවන්න ක්‍රියා කළා.
වත්මන් රජය ක්‍රියා කරන්නේ සුදුසුකම අනුවයි. එකම හේතුව දේශපාලනය නිසාම මේ සමෘද්ධිය ලබන අය ඉන්නවා. සමහර අය රජයේ සේවය කරන අය, ව්‍යාපාරිකයන්, සමෘද්ධිය ගන්නවා. එක පිරිසක් ඉන්නවා අවුරුදු 20 පුරාම සමෘද්ධිය ලබන අය. එදා සමෘද්ධිලාභීන් ලෙස ක්‍රියා කළ අය දේශපාලන අතකොලු බවට පත් වුනා. 2015 ජනවාරි 8 වෙනිදා අපේ රජය රට භාරගන්න කොට බිලියන 10,000ක ණයක් තිබුනා. අපි ණය ගෙවන වැඩසටහන භාරගත්තා. ඒ කියලා අපි වැඩ නොකර හිටියේ නැහැ.
පසුගිය කාලේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගත්තා. අද එහෙම නැහැ. තමන් ජීවත් වන ඉඩම සඳහා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් අපි දියත් කරලා තියෙනවා. ඒ යටතේ ඔප්පු 5,000ක් ලබා දුන්නා. ලබන 6 වෙනිදා ඔප්පු ලබා දෙන්න අගමැතිතුමා එනවා. ලක්ෂ 20,000 ක වැඩ පසුගිය කාලය තුල බලන්ගොඩ කොට්ඨාසයට විතරක් කළා. වැඩ කරනකොට අපිට අභියෝග ආවා. ස්වභාවධර්මය එරෙහි වුනා. ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ආවා, බෝම්බ පත්තු වුනා. 2015 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහත්තයා කලින් තිබ්බේ රටේ තිබුණු ණය කන්ද නිසා. මාධ්‍ය නිදහස නැහැ, අධිකරණය ස්වාධීනත්වය නැහැ කියලා අපිව ලෝකයෙන් කොන් කලා. අපිට හැමදාම දුප්පත්කමේ ඉන්න බැහැ. අනිත් අයට අතපාලා ජීවත් වන ක්‍රමය ඉවත් කර ගන්න ඕනි. ශක්තිමත් මිනිසෙකු ලෙස ජීවත් විය යුතුයි
ගොඩක් අය කෑ ගහනවා අපි රට විකුණලාලු චීනෙට. මේ ආණ්ඩුව තියනකල් මේ රටේ බිං අඟලක්වත් විදේශිකයන්ට විකුණන්නේ නැහැ. එදා රටේ සම්පත් ඉඩම් විදේශිකයන්ට විකුණුවේ කවුද කියලා ජනතාව දන්නවා. තමුන්නාන්සේලා එකක් මතක තියාගන්න මේ සමෘද්ධිය දෙන්නේ ඡන්දේ ගන්න නෙමෙයි. එදා දේශපාලන අතකොලු බවට පත් නොවුණු නිසා සමෘද්ධිය නොලැබුණු මිනිසුන් වෙනුවෙන්" යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
කෂිනි හපුආරච්චි