එජාපයේ ජනාධිපතිධුර අපේක්ෂකයින් තීරණය කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා අවශ්‍ය නොවන බවත් එජාපය නිසි වේලාවට නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා ඉදිරිපත් කරන බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඊයේ (26) ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙවැන්නකි,
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පිළිබදව සජිත් ප්‍රේමදාස මහතා ගැන ගම් මට්ටමේ බිම් මට්ටමේ විශාල ප්‍රසාදයක් තියෙනවා. ඒ වගේම කවුරුවත් කියලා නෑ මෙතැන සජිත් ප්‍රේමදාස හොඳ නැතෙයි කියලා. ඒ එක්කම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අහක දාන්නේ නැතිව බැහැර කරන්නේ නැතිව ජනාධිපති අගමැති අපේක්ෂකයා පිළිබඳ තීන්දු කරන්න ඕනේ.
පොහොට්ටුවේ අය බයයි සජිත් එනවාට. ඒ නිසා දැන් හදනවා මෙතන ගැටුමක් හදන්න. පුළුවන් නම් සජිත් එන එක නතර කරන්න කොටසක් බලනවා. එතුමාට ප්‍රශ්නයක් තියෙනවා හම්බන්තොට දිසාවෙන් තවත් ජනාධිපතිවරයෙක් බිහි වන එකට. මෙයාලට ලොකු බයක් තියෙනවා. අපි කියනවා මේ අයට උවමනා විදියට අලුතින් හදන සන්ධානයේ තීන්දු ගන්න අපි ලෑස්ති නැහැයි කියන එක අපි බය නැතිව කියනවා.
සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ පියාණන් ජීවිතය පූජා කරපු පක්ෂය ඉදිරියට ගෙනයන්න පක්ෂය ගැන උරුමයක් තියෙන නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහත්මයාට අසාධාරණයක් නො වන විදයට රනිල් වික්‍රමසිංහ මහත්මයාට අසාධාරණයක් නොවන විදියට තීන්දුවක් ගන්න ඒ තැන මැද අපි ඉන්නේ.
මේක අන්තවාදී වෙන්න ගියොත් මැද කවුරුවත් නැති වෙනවා. මම එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන කෙනෙක් මේ පක්ෂයේ ජනාධිපති වරයෙක් බිහි කරන්න දිවි හිමියෙන් කැප කරන කෙනෙක් ඒ වෙනුවෙන් ලාබාදිය හැකි ඉහළම දායකත්වය මම ලබාදෙනවා.
අපට සජිත් ප්‍රේමදාස කියන්නේ මේ පක්ෂයෙන් උපන්න ජනතාවගේ හදවත දිනා ගනිපු පක්ෂයේ උරුමයක් තියෙන නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහත්මයා කර තියාගෙන යන්න අමාරුවක් තියෙනවාද ප්‍රශ්නයක් තියෙනවාද කියලා මම අහනවා. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සෝඩා බොතලේ ඇරියා වගේ නිකන්ම රැස් ගිහින්.
ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කිසිම ගැටලුවක් නෑ. ප්රශ්නය තියෙන්නේ කවුද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ කියන එක විතරයි. මාතර සජිත් එනවා රැළියට සහභාගී වූ අයම අගමැති තුමා සංවිධානය කරපු රැළියටත් ආවා. හැබැයි මම කියනවා මේක සප්‍රයිස් එකක්. ඒ නිසා අපි ජනාධිපතිවරණය නම් කරලා දවස් කීපයක් ඇතුලත එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සප්‍රයිස් එකක් හැටියට අපි ඉදිරිපත් කරනවා යැයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.