නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා මේ බව කියාසිටියේ නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සඳහා ඊයේ (09) දින පස්වරුවේ මස්කෙළිය ප්‍රදේශයේ පැවති පොකුරු රැස්විමක් අමතමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අපේ රටේ අස්සක් මුල්ලක් නෑරම අපි ගිහිල්ලා තියෙනවා. මම හරියටම සතියක් උතුරු මැද පළාතේ හිටියා. මහවැලි ගම්මාන වෙත ගියා සජිත් ප්‍රේමදාස මහතා ගැන තියෙන ඉල්ලුම දෙගුණ වෙලා. අපිට සිංහල බෞද්ධ ඡන්ද 40% අවශ්‍යයි. දමිළ , මුස්ලිම් ඡන්ද ආවොත් අපිට මේ ගේම් එක ගහන්න පුළුවන්.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කර දෙන්න කියලා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. සමහර දිස්ත්‍රික්ක වල අපිට අවාසි වෙන්න පුළුවන්. හැම දිස්ත්‍රික්කයක්ම අපිට දිනන්න බැ. විශේෂයෙන්ම නුවරඑළිය , මහනුවර , මාතලේ උතුරු නැගෙනහිර අපි දිනන්නේ බුරුතු පිටින්. එකයි ජනාධිපතිවරණය අපිට වාසි වෙන්නේ. මහ මැතිවරණයක ඡන්ද කැඩිලා යනවා. එක්සත් ජතික පක්ෂය කුල ආගම් කිසිම භේදයක් නැ. අපි එක්සත් ජාතික පක්ෂය දිනවන්න පුළුවන් හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරලා තියෙනවා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.