අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අද (05දා) පස්වරුවේ කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින්, තියුණූ ආයුධයකින් ඇන බරපතළ තුවාල සිදු කර ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ගම්සභා හන්දිය, විජයපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි ප්‍රසන්න හෙට්ටිආරච්චි නමැති 43 හැවිරිදි තිදරු පියෙකි.
ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා රථ වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනයක් හා ගරාජයක හිමිකරුවකු වන අතර විජයපුර දෙස සිට අනුරාධපුර නගරය දෙසට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී, ඝාතනය කර තිබේ.
අදාළ ව්‍යාපාරිකයා ඝාතනයට ලක් වීමෙන් අනතුරුව මාර්ගයේ වැටී සිටියදී මාර්ගයේ ගමන්ගත් පිරිස් විසින් රෝහල්ගත කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලීසිය මෙහෙයුම් දියත් කර තිබේ.
බී.ජී චතුරංග
