අන්නාසි හා වැල්දොඩම් වගා කලාප දෙකක් මොනරාගලට
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන 'අපි වවලයි - අපි කන්නේ' කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ අපනයන වැදගත්කමක් ඇති භෝග සඳහා වගා සංවර්ධන කලාප ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට තෝරාගෙන ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ඒකකය විසින් මෙම කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර, දැනට පළමු අදියර යටතේ අන්නාසි වගා සංවර්ධන කලාප සඳහා මැදගම, මැල්ලගම ප්‍රදේශයේ අක්කර 37ක් සහ වැල්දොඩම් වගා සංවර්ධන කලාපය සඳහා බුත්තල, පැලවත්තේ අක්කර 37ක් යොදාගෙන තිබේ.
මෙම ඉඩම් එක් අයෙකුට අක්කරය බැගින් ගොවීන් 74කට ලබාදෙන අතර, ඔවුන්ගේ වගාකටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සපයනු ලැබේ.
වගාව සඳහා අවශ්‍ය අන්නාසි මොරෙයියන්, විසිරි ජල සම්පාදන උපකරණ වතුර පොම්ප, ප්ලාස්ටික් කූඩ, වැල්දොඩම් පැළ, ජී.අයි. බට හා කම්බි ඇතුළු උපකරණ රැසක් නොමිලේ ලබාදෙයි.
මෙම වගා කලාප දෙකේ වැඩකටයුතු ආරම්භ කිරීම ලබන 13 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගලදී සිදු සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

popular news
-
Upali Wickramasinghe Thursday, 11 October 2018 11:42 PM
අනේ හොදි. මේ ආණ්ඩුව කරපු පළමුවෙනි හොද වේදේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

