මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටි ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ (20දා) මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මුල්ලිවයික්කාල් ප්රදේශයේ පිහිටි විශාල ගසක් මුල අදාළ ගුවන් හමුදා සෙබලුන් පිරිස විසින් පොළව හාරමින් සිට ඇති අතර ප්රදේශවාසීන් විසින් විමසීමේදී පවසා ඇත්තේ කොටි සංවිධානය විසින් වල දමල ලද යුද උපකරණ සොයා කැනීමක් සිදු කරන බවටයි.
නමුත් එම ස්ථානයේ පොලීස් නිලධාරීන් නොමැති වීම හේතුවෙන් ඒ බව මුලතිව් පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ගුවන් හමුදා සෙබලුන් තිදෙනා නිසි අවසරයකින් තොරව එම ස්ථානයේ කැනීම් සිදු කිරීම නිසා අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇත.


