අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතීය ක්‍රියාත්මක කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ පවසයි.
අනවසර මෙන්ම අවධානම් ගොඩනැගිලි හේතුවෙන් පවතින අවධානම් තත්වය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ විසින් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (21) අද පැවති විශේෂ රැස්වීමකදි ආණ්ඩුකාරවරයා මෙසේ පැවැසිය
මහනුවර නගරය තුල පවතින අවධානම් මෙන්ම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කරුණු රැසක් හෙලිදරව් වු අතර විශේෂයෙන් රජයේ පවතින නීතී රෙගුලාසි අනුගමනය නොකරමින් සහ උපක්ර මශීලී ලෙස නගර තුල අනවසර ඉදිකිරීම් සිදු කරනු ලබන හා ප්රනමිතියෙන් බාල ඉදිකිරීම් සදහා කිසිසේත් උචිත නොවන ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් දැඩි අවධානම් මට්ටමේ ඉදිකිරීම් වල ඇතැම් පිරිස් නිරත වී සිටින බව මෙහිදී අනාවරණය විය.
චමිල් රෑපසිංහ