අනවශ්‍ය ලෙස ජනතාවට අමතර බදු බරක් පැටවූයේ නෑ
වත්මන් රජය සිදුකර ඇත්තේ අනවශ්‍ය ලෙස ජනතාව මත අමතර බදු බරක් පැටවීම නොව, පැවැති බදු ව්‍යුහයේ දුර්වලතා නිවැරදි කරමින් එය වඩාත් සාධාරණ හා විධිමත් කිරීම බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම, අධ්‍යාපනය, සෞඛ්‍යය, සංවර්ධනය සහ යටිතල පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය ආදායම සපයා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රය බදු ආදායම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, බදු ක්රමයේ සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම රජයේ අරමුණ බව සඳහන් කළේය.
පසුගිය වසර දෙක තුළ බදු අයකිරීමේ කාර්යක්ෂමතාව, බදු පරිපාලනය සහ බදු ගෙවීම සඳහා ජනතාවගේ පෙළඹවීම ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බදු පදනම පුළුල් වී 2025 වසර සඳහා අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා වැඩි බදු ආදායමක් රැස්කර ගැනීමට හැකි වූ බවත් ඒ මහතා පැවසීය.
සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවිධ බදු අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට පැතිරෙන අදහස් සාවද්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, බදු සංශෝධන සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

