"2018 වර්ෂයේදී දේශපාලනික වශයෙන් වෙන්න තියෙන සැම දෙයක්ම සිදුවුණා. 2019 සෑම අයුරින්ම සාර්ථකව ජනතා අභිලාශ ඉටු කරන්න පුළුවන් වසරක් වේවි. ඒ වගේම අනිවාර්යෙන්ම 2019 ඡන්දයක් එනවා. ඒ අනුව ජනතාවට පිළිගන්න පුළුවන්, දේශපාලන පක්ෂයක් සහ රජයක් වශයෙන් කටයුතු කරනවා. ඒත් ඒ වෙනුවෙන් නිකරුණේ බොරු පොරොන්දු දීලා, තියෙන ආර්ථිකයේ තවත් ප්‍රශ්න ඇති කරන එක නෙමෙයි අපි කරන්න ඕන යැයි" විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ, 2019 වසර වෙනුවෙන් සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
'වැදගත් අමාත්‍යාංශයක නිවැරදි තොරතුරු ජනතාව වෙත නිවැරදි ලෙස ගෙනයාම මාධ්‍යවේදීන්ගේ යුතුකමක්. මෙහි ගන්න තීන්දු යම් ආකාරයක වෘත්තීය පදනමක් මත ගන්න ආයතනයක්. නමුත් තාමත් මෙය ලාභ නොලබන ආයතනයක්. ඒකට හේතුව තමයි යම් යම් අවස්ථා වලදී දේශපාලන සෟජු තීන්දු නොගන්න එක.
කවදාවත් කිසිම කෙනෙක් විදුලි පාරිභෝගිකයා ගැන හිතලා නැහැ. සෑම අවස්ථාවකදීම වෙලා තියෙන්නේ, පාරිභෝගිකයාට බර පැටවෙන සේ මිල වැඩිකිරීමක් මිසක් කවදාකවත් මිල අඩු කරන්න කියලා කතා කරලා නැහැ.
දේශපාලන මතයකට විදුලි බිල අඩු කරනවා කියලා කිව්වොත් ඒක විහිළුවක් බවට පත් වෙනවා. නමුත් අපි අඩු කරනන් පුළුවන් මාර්ගයකට පිවිසිය යුතුයි.
පිටස්තරයෙන් විශාල බලපෑම් තිබෙන අමාත්‍යාංශයක් මේක. දක්ෂයෝ වැඩ කරන තැන්වල අනිවාර්යයෙන්ම දූෂණ ලේබල් ගැහෙනවා. එවැනි අභියෝග වලට අපි නොබියව මුහුණ දියයුතුයි. අපි නිතරම එකට වැඩකළොත් ගැටළු ඇති වෙන්නේ නැහැ. වැඩ කරන කෙනා අතින් තමයි බඩු කැඩෙන්නේ. ඒ නිසා චෝදනා වලට බයෙන් තීන්දු ගන්න බිය වියයුතු නැහැ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.