Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ජාතික ජන බලවේග ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර නම් කරන ලදි
ජාතික ජන බලවේගයේ රැළිය අද (18) පස්වරුවේ ගාලුමුවදොර පිටියේදි ආරම්භ විය.
පොදු ජනතාව මා කෙරෙහි තබන විශ්වාසය කිසිදා කඩකරන්නේ නෑ
පොදු ජනතාව තමන් කෙරෙහි තබන විශ්වාසය කිසිදා කඩනොකරන බවට ජනතාව හමුවේ සපථ කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජනතා රැලිය ඊයේ (18දා) ගාලු මුවදොර පිටියේදී පැවැති අතර, එහිදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජනතාව අමතමින් මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය,
“ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මාව යෝජනා කර තිබෙනවා. ඒ පිළිබඳ ජාතික ජන බලවේගයට බෙහොම ස්තුතිවන්ත වෙනවා. මාව යෝජනා කළ ජාතික ජන බලවේගයටත්, ඒ සඳහා විශ්වාසය තබන මේ රටේ පොදු ජනතාවටත් සහතික කොට ප්‍රකාශ කරනවා, ඔබ මා කෙරෙහි තිබෙන විශ්වාසය, ඔබ මා කෙරෙහි තිබෙන බැඳීම අබමල් රේණුවකින්වත් හානියට පත් නොකරන බවට.
රටටත් රටේ ජනතාවටත් අධිෂ්ඨානශීලී අනාගතයක් නිර්මාණය කරන්න අපි දේශපාලනයේ නිරත වෙලා ඉන්නවා
මා තඹුත්තේගෙම ආසන්නයේ කුඩා ගම්මානයක ඉපදිලා, පාසල් අවධියේදී මේ දේශපාලනයට අවතීර්ණ වුණා. දැන් තිස් වසරකට අධික කාලයක් මේ දේශපාලනයේ නිරත වී සිටිනවා. ජයග්‍රහණ, පසුබෑම්, පරාජයන්, අභියෝග සියල්ලටම මුහුණදෙමින් මේ රටටත් රටේ ජනතාවටත් අධිෂ්ඨානශීලී අනාගතයක් නිර්මාණය කරන්න අපි දේශපාලනයේ නිරත වෙලා ඉන්නවා.
ඈත ගම්මානයේ සාමාන්‍ය ජනතාවගේ සිට ඉහළ තලයේ ජීවත්වන මිනිසුන් දක්වා ඔවුන්ගේ හැඟීම්, ඔවුන්ගේ වේදනාවන්, වුවමනාවන් පිළිබඳ මනා අත්දැකීමක් හා අවබෝධයක් තිබෙනවා.
අත්දැකීම හා අවබෝධයන් පාදක කොටගෙන අදින් අරඹන මේ සටන සහතික වශයෙන්ම ජයග්‍රහණය කරන බවට ජනතාව හමුවේ සපථ කරනවා. මෙය අනිවාර්යයෙන්ම ජයග්රහණයෙන් කෙළවර කළ යුතු සටනක්.
ජනාධිපතිවරණය කියන්නේ වැදගත් සන්ධිස්ථානයක්. මෙහිදී අපේ රටේ ජනතාවට තෝරාගැනීම සඳහා මාවත් දෙකක් විවෘත වී තිබෙනවා. ඉන් එක් මාවතක් වන්නේ පැරණි, යල් පැනගිය අසාර්ථකත්වයේ විනාශකාරීත්වයේ මාවත. අපි පොදු ජනයා වෙනුවෙන් නව මාවතක් විවෘත කරමින් තිබෙනවා. එනම් ජනතාවට සතුට, සැපත නිදහස කැඳවාගෙන එන සෞභාග්‍ය‘යේ මාවත. මේ නිසා ජනතාව තෝරාගත යුත්තේ විනාශකාරී මාවත නොව ජනතාවට සැපත සතුට සෞභාග්‍ය උදා කරන මාවතයි. ඒ සඳහා ජනතාව එක්විය යුතුයි. අද වනවිට රට පුරා අලුත් දේශපාලන උවමනාවක් පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. අලුත් දේශපාලන බලවේගය ප්‍රධාන සාධක තුනකින් සමත් වියයුතුව තිබෙනවා. එනම් අදූෂිත දේශපාලනය, දෙක රට ගොඩනැගීමට සමත් වන, රට ගොඩනැගීමට අවංක වුවමනාව තිබෙන වෘත්තීයවේදීන්, තුන්වැනි කරුණ නම් ඒ අරමුණ කරා තමන්ගේ ශ්‍රමය, තමන්ගේ කාලය වැය කිරීමට සමත් වැඩ කරන ජනතාව. මෙම කරුණු තුන මූලිකව ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙනවා. රටට අලුත් මාවත පෙන්වන බලවේගය මෙයයි. අපේ ආරම්භක පියවර තැබිය යුත්තේ කොතනින්ද යන්න කතා කළ යුතුයි. මේ රටේ දේශපාලනය ඉතාමත් කැත ගඳ ගසන පොර පිටියක් බවට පත් වී තිබෙනවා. අල්ලස, දූෂණය, වංචාව කැටි කරගත් තැනකට අපේ රටේ දේශපාලන බලය අත්පත් වී තිබෙනවා.
දූෂිත, දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසුදු මහජනයාට ළෙංගතු, අවංක දේශපාලන පොර පිටියක්
නිර්මාණය කරනවා
ශිෂ්ඨත්වය වෙනුවට අශිෂ්ඨත්වය නිර්මාණය කරන කණ්ඩායමක් දේශපාලන පොර පිටියේ ජයකෙළි නංවමින් තිබෙනවා. මෙය වෙනස් කළ යුතුයි. දූෂිත, දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසුදු මහජනයාට ළෙංගතු, අවංක දේශපාලන පොර පිටියක් නිර්මාණය කරන බවට ජනතාවට සපථ කර ප්‍රකාශ කරනවා.
මේක අපේ රටේ පිරිසුදු දේශපාලනයේ පළමු පියවරයි. ඉන්පසුව 71 වසරක් පුරා විනාශ කරමින් තිබෙන ආර්ථිකය වෙනුවට නව ආර්ථික ගමන්මගක් විවෘත කළ යුතුව තිබෙනවා.
ජාතික නිෂ්පාදනයට පණ දෙන අපේ මානව සම්පත ලෝකයේ දියුණුම මානව සම්පත බවට පරිවර්. නය කරන නව ආර්ථික මාර්ගයට ගෙන යන බවට සපථ කරනවා. දහඩිය හෙළන ගොවි ජනතාවට, ධීවර ජනතාවට, වතුකරයේ ජනතාවට තමන්ගේ ජීවන තත්ත්වයන් උසස් කිරීම පමණක් නොව, ඔවුන්ට සමාජය තුළ හිමිවිය යුතු ගරුත්වය, ඔවුන්ට හිමි සමාජ වටිනාකම, ඔවුන්ට හිමිවිය යුතු සමාජ තත්ත්වය වෙනස් කළ යුතුව තිබෙනවා.
එනම් වැඩ කරන ජනතාවට හොඳ ජීවිතයක් සේම හොඳ සමාජ ජීවිතයක් අත්පත් කරදීමට අවශ්‍ය කටයුතු කරනවා. අපේ රට තුළ විවිධ බෙදීම් නිර්මාණය කරමින් තිබෙනවා. කතා කරන භාෂාව, අදහන ආගම, සංස්කෘතිය, කුලය මත ප්‍රජාව පීඩාවට පත් කරමින් තිබෙනවා.
බෙදා වෙන්කළ ජන ප්‍රජාවන්, වෙන් කරන ලද ජන ප්‍රජාවන් හුදෙකලා කළ ජන ප්රජාවන්ගෙන් යුත් රාජ්‍යයකට ඉදිරි ගමනක් නැහැ. සියලුම වර්ගයේ බෙදීම් මුළුමනින්ම ඉවත් කර ජනතාවගේ හදවතේ අධ්‍යාත්මික බැඳීම් ඇතිවන මහා මිනිස් සමාජයක් මේ මාතෘ භූමිය තුළ ස්ථාපිත කරනවා.
අද දවස වනවිට මහජන ආරක්ෂාව පිළිබඳ විශාල සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. පාසල් ඉදිරිපිට, රෝහල් ඉදිරිපිට, සිංහල ගම්මාන, මුස්ලිම් ගම්මාන වෙන්කර බොහෝ තැන්වල පොලිස් මුරපොළවල් තිබෙනවා. මහජනයාගේ ආරක්ෂාව පිළිබඳ බියක්, තැතිගැන්වීමක් ඇති වී තිබෙනවා. මහජනයාගේ බිය සැක පවතින තැන එක් ජන කොට්ඨාසයක් තව ජන කොට්ඨාසයක් පිළිබඳ සැකයෙන්, වෛරයෙන් බලනවා. එතුළින් මහජනයාගේ ආරක්ෂාව අනතුරට හෙළා තිබෙනවා.
මහජනයාගේ ආරක්ෂාව සහතික කළ හැක්කේ කෙසේද යන්න සලකා බැලීමේදී කිසිදු ජාතිවාදියෙකුට මහජනයාගේ ආරක්ෂාව සහතික කළ නොහැකියි. කිසිදු අන්තවාදියෙකුට මහජන ආරක්ෂාව සහතික කළ නොහැකියි. ඔවුන්ට හැකියාව තිබෙන්නේ පාසල් ඉදිරිපිට ගම්මාන බෙදා වෙන් කරන තැන මුර කපොලු වැඩි කිරීමට පමණයි. එහෙත් මහජනතාවගේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ සියලුම ජාතීන්ගේ අයිතීන් පිළිගන්නා, ජනතාවගේ සංස්කෘතියේ, භාෂාවේ ගරුත්වය පිළිගන්නා ජාතික සමගිය නිර්මාණය
කිරීමෙන් පමණයි.
පුද්ගල නිදහස ගැන කතා කිරීමේදී මිනිස් සංහතිය මානව වර්ගයේ උසස්තම නිර්මාණයන් අත්පත් කරගත්තේ ඇතිවන අදහස්, ඇතිවන සිතිවිලි පෙට්ටගමක් ඇතුළට දාලා ඉබියතුරු දාලා වසා තැබීමෙන් නොවෙයි. මානව සංහතියේ ප්රගමනය නිර්මාණය වෙලා තියෙන්නේ නිදහස් අදහස් ගැටීමෙන්. නිදහස් අදහස් අතර සමාජ ප්‍රගමණයට අවශ්‍ය මතයන් උරාගැනීමෙන්. එසේ නැතිව වසා තැබීමෙන් නොවෙයි. ඒ නිසා අපේ සමාජය ඉදිරියට ගෙන යා හැකි වන්නේ පුද්ගල නිදහස වගේම නිදහස් මතයන් දැරීමේ අයිතිය පිළිගැනීමෙන් පමණයි. සමාජයට විනයක් නිර්මාණය කළ හැක්කේ එතනින් පමණයි.
අපේ පරිසර පද්ධතිය අතිශය විනාශකාරී උගුලකට හිරකරලා තියෙනවා
ඒ වගේම අපේ පරිසර පද්ධතිය අතිශය විනාශකාරී උගුලකට හිරකරලා තියෙනවා. විවිධ ජෛව විවිධත්වයකින් යුත් පරිසර කලාප ගණනාවකින් සමන්විත වූ මනරම් දේශය නායයෑම්වලින් ගිලාබසිමින් තියෙනවා. සති දෙකක් වහිනකොට ගංවතුර ඇති වෙනවා. සති තුනක් වැස්සේ නැතිවුණොත් නියඟයෙන් හාමත් වෙනවා. මහ පොළොව වසවිසවලින් පිරුණ එකක්. කුඩා දරුවාට වසවිසෙන් තොර පලතුරක් ලබාදීමට නොහැකි රාජ්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. ලෝකයේ තිබෙන විෂ සහිත කුණු ගොඩවල් ගොඩගසන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කරලා තියෙනවා. මේ නිසා අපේ අනාගත දුවා දරුවන් වෙනුවෙන් මේ පරිසර පද්ධති යළි ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා.
ඒ කියන්නේ වසවිසවලින් තොර ආහාර වේලක් ලබාදෙන්න දූෂණයෙන් තොර හුස්ම පොදක්, වසවිසවලින් තොර ජලය ටිකක් ලබාදෙන්න සහතිකයක් අපි දෙනවා.
මේ රටේ සෑම ක්ෂේත්රයකම මනා සංවිධානාත්මකභාවයකින් යුතු ජනතාව සමග බැඳුණු නව සංවර්ධන මාවතක් අපි අපේ රටට යෝජනා කරනවා. එම සංවර්ධන මාවතේ ප්‍රතිඵල කවර ආකාරයේ ප්‍රතිඵල විය යුතුද කියලා අපි හිතනවා.
අපේ රටේ දරුවන්ට ස්ථාවර අනාගතයක් නිර්මාණය කරනවා. අපේ තරුණ තරුණියන් ඔවුන්ගේ හැකියාව, දැනුම, පරිකල්පන ශක්තිය මත ගෞරවාන්විතව මේ රටේ සංවර්ධනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කරගත යුතුයි.
අපේ වැඩිහිටි පරම්පරාවට ඉතාමත් හොඳ ස්ථාවර ජීවිතයක් උරුමකරදිය යුතුයි
අපේ වැඩිහිටි පරම්පරාවට ඉතාමත් හොඳ ස්ථාවර ජීවිතයක් උරුම කරදිය යුතුයි. ඔවුන්ට ස්ථාවර ජීවිතයක් සකස් කරදීමේ සිහිනයක් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ සිහිනය සහතික වශයෙන්ම ජයග්‍රහණය කළ යුතු සිහිනයක් බව.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ගේ විමුක්ති අරගලයේදී මාටින් ලූතර් කිං වරක් ප්‍රකාශ කළා “මේ යුගයේ ජීවත්වන අප ගැන අනාගත පරම්පරාව දොස් නගනු ඇත. ඒ නරක මිනිසුන්ගේ නරක ක්‍රියා ගැන නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාව නිසා* යනුවෙන්. මේ යුගයේ ජීවත්වන අපි ගැන අපේ අනාගත දරු පරම්පරාව අපට දොස් නගාවි. ඒ අන් කවරක් නිසාවත් නොවේ. හොඳ මිනිසුන්ගේ නිහඬතාව ගැන. අපේ රටේ හොඳ මිනිසුන් මේ සිදුවන විනාශයට එරෙහිව කම්පාවකින් යුතුව ජීවත් වෙනවා. බොහෝ අය මේ විනාශයට එරෙහිව තමන්ගේ කෝපය ඇස්වලින් ප්‍රකාශ කරනවා. තවත් බොහෝ අය මේ විනාශයට එරෙහිව තමන්ගේ මුවින් දොඩවමින් තිබෙනවා, මුමුණමින් තියෙනවා. හැබැයි ඒවාට මේක වෙනස් කළ නොහැකියි. එය කළ හැකිවන්නේ ධෛර්ය සම්පන්නව මැදිහත් වන, ඒ සඳහා අවංකව මැදිහත් වෙන මහජන ප්‍රවාහනයක් නිර්මාණය කිරීමෙන් පමණයි.
අද මේ ගාලු මුවදොර පිටිය සිසාරා ලංකාවේ නන්දෙසින් පැමිණි ජනතාව එක්රැස්වී කියාපාන්නේ අන් කවරක් හෝ නොවෙයි. මේ සටනට අපි සූදානම් බවයි. ඒ සඳහා අපි සූදානම්. මේ සටන ජයග්‍රහණය කළ යුතු සටනක්. අපි ආරාධනා කරනවා මේ රටේ ලියන අයට සමාජ පරිවර්තනය වෙනුවෙන් ලියන්න. මේ රටේ ගායනා කරන අයට මේ රටේ සමාජ පරිවර්තනය වෙනුවෙන් ගායනා කරන්න. මේ රටේ හඬ නගන අයට අපි ආරාධනා කරනවා සමාජ පරිවර්තනය වෙනුවෙන් හඬ නගන්න. අපි පොදු ජනතාවට ආරාධනා කරනවා සමාජ පරිවර්තනය වෙනුවෙන් පෙනී සිටින්න කියලා.
අපි ඔබට සහතිකයක් දෙනවා අප කෙරෙහි තබන විශ්වාසය කවදාවත් පලුදු නොකරන බවට. අප ඔබ හමුවේ සහතික වෙනවා අප වෙනුවෙන් පෙනී සිටි, අප වෙනුවෙන් ලියූ, අප වෙනුවෙන් ගායනා කළ, අප වෙනුවෙන් මැදිහත් වුණ කිසිවෙකුට කවදාවත් කම්පාවට පත්වීමට ඉඩ නොතබන බවට. මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාව සහ අපගේ අපේක්ෂාව එකට සමපාත වී තිබෙනවා. ඔබටත් අපටත් තිබෙන්නේ එකම අපේක්ෂාවක්. අප අපේ රාජ්‍යය ලෝකයා ඉදිරියේ අභිමානවත් රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. අපේ ජනතාව නූතනත්වයෙන් හෙබි, ප්‍රෞඩ මිනිසුන් බවට පරිවර්තනය කළ යුතුයි.
ලෝකයේ නොසැලෙන රාජ්‍යයක් බවට අප රට පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි ලියමු. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු.
ඔබ මෙතෙක් කලක් විවිධ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් හඬ නගන්න ඇති, ඡන්දය දෙන්න ඇති, ඒකරාශී වෙන්න ඇති. නමුත් මේ ව්‍යසනයෙන් රට මුදවාගැනීම සඳහා ඔබ වෙනස් විය යුතුයි. ඔබ වෙනස් වෙන්නේ නැත්නම් මේ රට වෙනස් වෙන්නේ නැහැ. මෙය වෙනස් කළ හැක්කේ සියලුම ජනතාව වෙනස් වෙන්න සූදානම් නම් පමණයි. ඒ වෙනස වෙනුවෙන් අපි එකතු වෙමු. ඒ වෙනුවෙන් අපි හඬ නගමු. ඒ සඳහා මේ සටන ගම් නියම්ගම් දක්වා ගෙන යමු. මෙය කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන පැවැත්වුණත් ඈත ගම් නියම්ගම්වලින් පැමිණි ඔබ, ඒ සටනේ ගමේ නියෝජිතයා බවට පත්වෙන්න. ඒ සටනේ ගමේ හඬ නගන පුද්ගලයා බවට පරිවර්තනය වෙන්න. මෙය ඔබ අප එකට එක්ව සිට සිදුකළ යුතු සටනක්. මෙය සහතික වශයෙන් ජයග්‍රහණය කරන සටනක් නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් සියලුම දෙනා සහෝදරත්වයෙන් එකට එකතු වෙමු. ඒ වෙනුවෙන් සියලුම දෙනා සංවිධානය වෙමු. ඒ වෙනුවෙන් නැගිටිමු, එකතු වෙමු.
මෙම ජනරැලියට ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, 71 සහෝදරත්වයේ සංසදයේ සභාපති තුල්හිරියේ ආරි හා උපලේකම් හේමමාලි විජේසිංහ, අලුත් පරපුර සංවිධානයේ රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම් නියෝජනය කරමින් ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, විප්ලවීය සමාජවාදී කේන්ද්‍ර‘යේ ලේකම් වසන්ත දිසානායක, එම කේන්ද්‍ර‘යේ පේදුරු කළුආරච්චි, සමාජ සාධාරණත්වය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වෙනුවෙන් ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ ලාල් විජේනායක, එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය වෙනුවෙන් හර්මන් කුමාර, ජාතික සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක චමිල තුෂාර හා මනීෂා ප්‍රනාන්දු, ජන නියමු කලාකරු එකමුතුව වෙනුවෙන් ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, ප්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, ප්‍රවීණ රංගන ශිල්පිනී ගංගා ජීවනී වැලිවිට, එතෙර අපි සංවිධානයේ ජාතික සංවිධායක සංජීව මුණසිංහ, එතෙර අපි කටාර් ශාඛාවේ සභාපති අරුණ රුවන් කුමාර, අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නිර්මාණ වීරසිංහ, ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ සභාපති අශෝක පිරිස්, හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ඒ. ගුණසේකර, හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ, සෞඛ්‍ය අයිතීන් පිළිබඳ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු තොරතුරු හා සැලසුම් අධ්යක්ෂ දන්ත ශල්‍ය වෛද්‍ය විමලරත්න, ජීවයේ අයිතිය සංවිධානයේ සංවිධායක පරිසරවේදී ආචාර්ය එස්.පී. ගොඩිගමුව, රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශම්මික ලියනගේ, වමේ කේන්ද්‍ර‘යේ සම කැඳවුම්කරු පියල් රාජකරුණා හා ජගත් හේමචන්ද්‍ර, යාපනයේ වාමධර ක්‍රියාකාරී එකමුතුව වෙනුවෙන් ඉංජිනේරු මහිල් සූරියසේකර, සම අභිමානී සාමූහිකයේ ආචාර්ය එස්. චන්ද්‍රසේකරන්, නීතීඥ හර්ෂ නානායක්කාර, නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර කථිකාචාර්ය නාට්‍ය‘වේදී මූලයන්ඩි කාරිදාස් හා කාන්තා සමාජ ක්‍රියාකාරිනි සරෝජා පෝල්රාජ් යන මහත්ම මහත්මීහු සහභාගී විය.
popular news
එම් ඒ ජේ Sunday, 18 August 2019 06:59 PM
මා දන්නා දේශපාලන ඉතිහාසය තුල ජනතා විමුක්ති පෙරමුණගත් වඩාත්ම නිවැරදි දේශපාලන තීන්දුව!
Reply : 0 7
Champa Sunday, 18 August 2019 07:27 PM
හූඌඌඌ ලැජ්ජයි. කිසි ප්‍රතිපත්තියක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියල වේදිකාවක් වේදිකාවක් ගානේ කැහැගහපු මිනිහ දැන් ඒ ක්‍රමය ඉදිරියට ගෙනියන්න චන්දෙ ඉල්ලනවා. මෙයා ඒකෙන්ම knockout වෙනවා. හැබැයි චන්දෙට ඉදිරිපත් වෙන්නේ ගෝඨාභය, සජිත් සහ අනුර විතරක් නම්, වෙන විකල්පයක් නැති නිසා අනුර උඩින්ම දිනනවා.
Reply : 0 1
kapila Sunday, 18 August 2019 10:43 PM
මේක JVP චන්ද පදනම උරගා බැලීමට අවස්ථාවක් කරගන්න. UNP එකට වාසි දායක වැඩ කිරීමෙන් වලකින්න.
Reply : 0 1
shantha Monday, 19 August 2019 10:17 AM
කරන්න පුළුවන් දෙයක් කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd