යුරෝපා සංගමයේ භාවිතය සඳහා අනුමත කරන ලද කොවිඩ්-19 එන්නත් යුරෝපයේ සංසරණය වන අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදයද ඇතුළුව සියලුම කොරෝනා වෛරස ප්රභේදයන්ට එරෙහිව ආරක්ෂාව සපයන බව යුරෝපා ඖෂධ ඒජන්සිය පවසයි.
කොරෝනා වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකක් ආරක්ෂාව සපයන බවද ඒජන්සිය පවසයි.
"ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් මාත්‍රාවන් දෙකක් ආරක්ෂිත බව සැබෑ ලෝකයේ සාක්ෂිවලින් මතුවන දත්තවලින් පෙනී යනවා" එන්නත් ක්‍රමෝපාය පිළිබඳ යුරෝපා ඖෂධ ඒජන්සියේ ප්‍රධානී මාකෝ කැවාලරි ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අගෝස්තු මාසය වනවිට යුරෝපය තුළ ඩෙල්ටා ප්‍රභේදය අධිපත්‍ය පතුරුවන බවට අනතුරු අඟවමින් කඩිනමින් එන්නත් ලබාදීම සිදුකරන ලෙස ඉල්ලා සිටින ලදී.