අනතුරු හඟවා තිබියදිත් ආණ්ඩුව කළේ රාජපක්ෂවරු දඩයම් කිරිම පමණයි - ප්රසන්න
පාස්කු ඉරිදා ප්රහාරයෙන් රටම මළගෙයක්ව තිබියදීත් ආණ්ඩුව ඒකාධිපති පන්නයේ අණපනත් සම්මත කරගනිමින් තමන්ගේ බලය රැකගැනීමේ උත්සාහයක නිරත වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් නායක, පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා චෝදනා කරයි.
ප්රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ තරුණ සංවිධානයේ නියෝජිත පිරිසක් සමඟ අද (30) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්රීවරයා,
“වර්තමාන ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බව අපි කිව්වේ 2015 ඉඳලයි. ආණ්ඩුව මෙහෙයවන පුද්ගලයන්ගේ දුර්වලකම් වගේම රටේ අතිශය වැදගත් තනතුරුවලට පත් කරපු පුද්ගලයන් දිහාත් බැලුවම ආණ්ඩුවේ තරම අපිට පෙනුණා. ආණ්ඩුවත් දවසින් දවස තමන්ගේ අසාර්ථක බව ලෝකයට පෙන්නුම් කළා.
ඒ අසාර්ථක බවේ උච්චතම අවස්ථාව තමයි පාස්කු ඉරිදා ප්රහාරය. බුද්ධි අංශ තොරතුරු ලැබිලා තිබියදීත් මේ ප්රහාරය වලක්වා ගන්න ආණ්ඩුව අසමත් වුණා. ඒ වගේම ප්රහාරයෙන් පසුවත් අදාළ පියවර ගන්නා විට ආණ්ඩුව අසමත් වුණා. මේ වගේ අසාර්ථක ආණ්ඩුවක් අපේ රටේ ඉතිහාසයේ තිබිලම නැහැ.
ඉස්ලාම් අන්තවාදය රටේ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබියදීත් ආණ්ඩුව රාජපක්ෂ දඩයමේ නියැළුණා මිසක් ජාතික ආරක්ෂාව තහවුරු කළේ නැහැ. අගමැති ප්රමුඛ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ විහිලු කතා දිහා බැලුවම පේනවා මේ ප්රහාරය ආණ්ඩුව සෙල්ලමකට අරගෙන තිබෙන බව.
අනික් පුද්ගලයා තමයි අගමැතිවරයා. රනිල්ට ඕනේ මේ වෙලාවේ බලය රැකගන්න විතරයි. රනිල් හොඳටම දන්නවා මේ සිද්ධියත් සමඟ යහපාලනයට ඡන්ද දුන්න මිනිස්සු පවා අද ආණ්ඩුව ප්රතික්ෂේප කරන බව. ඒ නිසා හොඳින් හෝ නරකින් බලය රැකගන්න රනිල් දන්න කියන දහං ගැට සේරම ගහනවා. ප්රතිත්රස්ත පනත ගේන්න හදන්නෙත් මේ රට අන්තවාදීන්ගෙන් බේරගන්න නෙමෙයි තමන්ගේ අගමැතිකම බේරගන්නයි.
දැන් මේ ආණ්ඩුවේ කාලය ඉවරයි. වැඩ බැරි ආණ්ඩුව දැන් ගෙදර යන්න ඕනේ. ආර්ථිකය වගේම ආරක්ෂාවත් විනාශ කරපු ආණ්ඩුවට තවදුරටත් බලයේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ ඇමැතිවරුන්ට රෙද්දක් ඇඳගෙන ඇමැතිකම්වල ඉන්න අයිතියක් නැහැ. ඒ නිසා වහාම මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනේ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

popular news
-
AP kumara Tuesday, 30 April 2019 05:05 PM
ඔබ හෙමදාම රාජපක්ෂවරු පස්සේ යන්නෙක් පමණි .වෙනත් විකල්පයක් හොයන්න රාජපක්ෂවරුත් ජනතාව prathiksheepa කරලා තියෙන්නේ ඔවුන්ගේ හොර මගදී නිසා
Reply : 0 0
chathuri Tuesday, 30 April 2019 06:07 PM
ඇත්තටම. මේ විපක්ෂයේ. ඉන්න. උන්ට පිස්සු ,මුන්ට තියෙන්නේ. මහින්ද. මේනියාව , මේ ගොල්ලෝ බලයේ. හිටියනම් මේදේ. සිදු. වෙන් නැත්තේ. ඇයි , මහින්ද දෙවියෙක්ද . මුළු ලෝකෙටම වසංගතයක් මේ අන්තවාදීන්. ,මහින්දගේ. නඩේට විතරක් පුළුවන්. මොවුන්. මෙල්ල. කරන්න දේවාලේ කපු මහත්තයට කියලද. , . මහින්දත්. පසුගිය කාලේ කඩුවක්. හෙව්වා දැන්නම් කඩු ගොඩක්. හමුවෙනවා. හොයල. බැලුවද . කියන එක. තියෙනවද. කියල මහින්දත් දේවාලේ ගානේ ගිහින්. අන්ද බක්තිකයෙක් වගේ. ඉන්නේ නොගියපු. පන්සලක් ,කෝවිලක්. තියෙනවද. මහින්ද බලය. ගන්න දෙවියෝ. හොයාගෙන. ඉන්දියාවටත්. ගියා , මක්කම. විතරයි. නොගියේ
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

