අනතුරකින් ඇගළුම් සේවිකාවන් 10ක් තුවාල ලබයි
ලංගම බස් රථයක් සහ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇගළුම් කර්මාන්තශාලා සේවිකාවන් දස දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත අද (15දා) දින ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසිය.
(15) දින උදැසන 7.45 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදිය.
බගවන්තලාව සිට හැටන් ඇගළුම් කර්මාන්ත ශාලාවක් දක්වා ඇගළුම් සේවිකාවන් රැගෙන ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වු ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වි ඇත.
බස් රථ දෙක අනතුරට පත් වන අවස්ථාවේ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහන කළ බස් රථය තුළ 25 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර , ලංගම බස් රථයේද මගින් 30 කට ආසන්න පිරිසක් සිට බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.
දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් දෙදෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් අට දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

