අධිවේගී මාර්ගවලට ඇතුළු කිරීමේදී ගෙවීගිය, නුසුදුසු තත්ත්වයේ ටයර් සහිත බර වාහන ඉවත් කිරීමට කටයුතු කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි.
මීට අමතරව අනතුරුදායක ලෙස වාහන නවතා තබා ටයර් මාරු කිරීම සපුරා තහනම් බවත්, එවැනි කටයුතු සිදු කළොත් නීති මගින් කටයුතු කිරීමට තීරණය කර තිබෙන බවත් එම අංශයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
රථය ධාවනය කිරීමේදී නිදිමත ගතියක් ඇතිවනවා නම් කිලෝමීටර් 44හි වැලිපැන්න විවේක ස්ථානය තුළ විවේක ගැනීමට හැකි බවත්, එසේ නොමැති නම් ළඟම පිහිටි හුවමාරු මධ්‍යස්ථානයෙන් ඉවත් විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
දක්ෂිණ අධිවේගී මාර්ගය සලකා බැලීමේදී නිදිමත හා වෙහෙසකර තත්ත්වය හේතුවෙන් සිදුවන අනතුරු ප්‍රමාණය මේ වන විට 15% සිට 25% දක්වා ඉහළ ගොස් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
