අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 52 ග්‍රෑම් 500 ක් රහසිගතව ළඟතබා සිටි සැකකරුවෙකු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් පිරිසක් විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති අතර එහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් සඟවා තබන ලද අදාළ පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
අදාළ පුපුරණද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට හේතුව මෙතෙක් හෙළි වි නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර විසින් සිදු කරන අතර අත්අඩංගුවට ගත් පුපුරණද්‍රව්‍ය තොගය හා සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පුදුකුඩිඉරිප්පු පොලීසිය වෙතට භාර දීමට යාපනය පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන් පියවර ගනු ලැබීය.
මේ අනුව අදාළ සැකකරු මුලතිව් අධිකරණයට අද (20) දින ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
