අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යධුරය භාරගැනීමෙන් පසුව පසුගිය මාස 14ක කාලසීමාව තුළ නව නීති සම්පාදනයේ හා නීති ප්‍රතිසංස්කරණ වල අත්කරගෙන ඇති ප්‍රගතිය පිළබඳව සවිස්තරාත්මක වාර්තාවක් එම අමාත්‍යාංශය මගින් එළි දක්වා ඇත.
රටක් සංවර්ධනය වීමට නම් එරට තුළ විනය ගරුක හා නීතිගරුක සමාජයක් බිහිවිය යුතු බැවින් කාර්යක්ෂම හා විශ්වාසදායී නීති පද්ධතියක් තුළින් නීතියේ ආධිපත්‍ය තවදුරටත් ශක්තිමත් කොට රටට අවශ්‍ය නීතියේ රාමුව යාවත්කාලීන කොට වඩාත් ඵලදායී යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම කළ බව අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ඒ වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 14ක කාලසීමාව තුළ නව නීති සම්පාදනයේ හා නීති ප්‍රතිසංස්කරණ වල අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.



