අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙස පත් කළ ඉම්රාන් මහරුෆ් මහතා අද (05දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය තනතුරේ වැඩ බාර ගෙන තිබේ.
වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ දිවංගත එම්.ඊ.එච්. මහරුෆ් මහතාගේ පුත්‍රයා වන ඉම්රාන් මහරුෆ් මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වර්තමාන පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර මීට පෙර නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර තිබෙනවා.
අමාත්‍යාංශවල කටයුතු සහ මහජන සේවා කාර්යක්ෂම කිරීමේ අරමුණින් අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීමට රජය පියවර ගත් අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස මහාචාර්ය ආශු මාරසිංහ සහ ඉම්රාන් මහරුෆ් මහත්වරුන් පත් කරනු ලැබුවා.
මෙම අවස්ථාවට එක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉම්රාන් මහරුෆ් මහතා වෙත තම සුබ පැතුම් එක් කළ ඒ සඳහා ආශු මාරසිංහ මහතාද ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
