අධ්‍යයන පැය ලක්ෂ 258ක් අහිමි වුණා
ගුරු විදුහල්පති විරෝධය නිසා දරුවන් ලක්ෂ 43 කගේ අධ්‍යයන පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් (25,800,000) දරුවන්ට අහිමි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කරයි.
වර්ජනය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිව තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරමින් සඳහන් කළේය.
කෙසේ වෙතත් අද දිනයේදි පාසල්වලට නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට තර්ජනය කිරීමට කටයුතු කර තිබූ බවත් එම නිවේදනයේ දැක්වෙයි.

popular news
-
මුණසිංහ Wednesday, 13 March 2019 02:46 PM
ඔය නිලධාරීන් ගුරුවරුන්ගේ ශ්‍රම සූරා කෑම කොතරම්දැයි ගණන් බලා තියෙනවද? අමාත්‍යාංශය බහුබූත වැඩ වලට නාස්ති කරන මුදල ගණන් බලා තියෙනවද? දේශපාලන ප්‍රචාර වලට අමාත්‍යාංශය වැය කළ මුදල ගණන් බලා තියෙනවද? අමාත්‍යාංශය ඇතුළත පැය කීයක් ශ්‍රමය අපතේ හරිමින් නිකරුනේ කාලය ගත කරන වැඩක්නොකරන නිලධාරින් ගේ අපතේ හරින පැය ගනන ගණන් බලා තියෙනවද?
Reply : 2 0
rocky Thursday, 14 March 2019 07:05 AM
මේ රටේ ටියුෂන් ව්‍යාපාරය ව්‍යාප්ත වී තියෙන්නේ පාසල්වලදී දරුවන්ට ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලැබෙන නිසයි. ගුරුවරු සහ විද්‍යාලයාධිපතිවරු ඔවුන්ගේ සේවය ගැන ලජ්ජා විය යුතුයි. එක්කෝ සියලුම පාසල් විදුහල් වසා දමා ටියුෂන් ක්‍රමය පිලිහත යුතුයි. එහෙම නැත්නම් ටියුෂන් කඩ වසා දමා, කාර්යක්ෂම ගුරු සේවයක් ආරම්භ කල යුතුයි. ගුරුවරුන් කියන වරිගය ඕනම නම් ඔවුන්ට ගෙදරම ඉන්න කියලා පින් පඩියක් ගෙවන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

