කොවිඩ් 19 රෝගය වැළදී ඇති සියලුම රණවිරුවන් මෙන්ම සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සෑම නිවසකම පහනක් දැල්වීමේ වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ සෙනෙහස අධ්‍යාපන හා සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය සැලසුම් කර තිබේ.
ඒ අනුව වෙසක් පුන් පොහෝ දින (07දා) සෑම නිවසකම හා ආගමික ස්ථානයකම පස්වරු 6.15ට සෙත්පිරිත් සච්ඡායනා ආරම්භ කර පස්වරු 6.17ට පහන් පත්තුකිරීම ආරම්භ කරන ලෙස එම කේන්ද්‍රය සඳහන් කරයි.