අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සියයට 100ක් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගය, කැළණිය - අතුරුගිරිය කුළුණු මත ඉදිවෙන මාර්ගය, රුවන්පුර අධිවේගි මාර්ගය ඉදිකිරීම ප්‍රමුඛතාවයට ගනිමින් මෙම සමාගම ඉදිකිරීමට නියමිතය.
සියලුම අධිවේගි මාර්ග මෙහිදී එක් සමාගමක් යටතට ගැනීමට නිමිත අතර එහි පවතින වත්කම් වසර 30ක බදු පදනම මත ලබාදෙමින් ආදායම් උපයා ගැනීමටත් මෙහිදී අවධානය යොමුකර තිබේ.
මාර්ග ඉදිකිරීමේදී මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙසට ක්‍රියාත්මක වීමට මෙම සමාගම පිහිටුවා තිබේ.