අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීම සදහා මෙරටට පැමිණ සිටින මැලේසියානු නීති කටයුතු අමාත්‍ය Liew Vui Keang මහතා සහ එරටින් පැමිණ සිටින නියෝජිතයින් සමග හමුවක් ඊයේ (4) සිදු විය.
එහිදී දෙරට අතර අධිකරණ සහයෝගිතාවය වැඩිදියුණු කර ගැනීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය.
මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරිය සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සහයෝගය තවදුරටත් වැඩි දියුණු කිරීම සදහා මෙම සමුළුව හොඳ අවස්ථාවක් බවයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් තුළ පවතින නීති පද්ධතිය ශක්තිමත් කිරීම සදහා අදහස් දැනුම හුවමාරුව සමුළුව තුළින් හැකි වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙවර සමුළුව සදහා පැමිණිම පිළිබදව ස්තූති වන්ත වෙන බවත් මෙරට අධිකරණ කටයුතු සංවර්ධනයේදී මෙන්ම අනෙකුත් සංවර්ධන කටයුතු සදහා මැලේසියානු රජයේ සහයෝගය අපේක්ෂා කරන බවත් අධිකරණ අමාත්‍යවරිය පැවසුවාය.
පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සිය කෘතඥතාවය පළ කරන බවත් රටවල් අතර නීතිමය සහයෝගිතාවය වර්ධනය කර ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත් මැලේසියානු නීති කටයුතු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළාය.