අද (13) දවස පුරා කඳුකර ප්‍රදේශවලට ඇද හැලුණු වර්ෂාවෙන් යටියන්තොට ප්‍රදේශය හරහා ගලා බසින කැළණිගගේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදුවූ අතර කැළණිගඟ අවට හා පහත්බිම්වල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවත් කැළණිගඟට බැසීමේදී සැලකිලිමත් විය යුතු බවත් සැඩ පහර සැර බැවින් ඔරුපාරුවලින් එගොඩවීම නොකරන ලෙසත් යටියන්තොට පොලීසිය ජනතාව දැනුවත් කරයි.
අද (13) පස්වරුවේ සිට ඉදිරි පැය 24 තුළ මධ්‍යම හා සබරගමුව පළාත් වල මිලිමීටර් 150 ක් දක්වා වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද සඳහන් කරයි.
ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසන්නේ පසුගිය 08 වන දිනෙන් පසු කෑගල්ල දිස්ත්‍රික්කයේ වැසි හා සුළං තත්ත්වයෙන් නිවාස හානි වී ආපදාවට ලක්වූ පුද්ගලයන් 661 ක් වාර්තා වන බවයි.
එයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන්නේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. එම සංඛ්‍යාව 445 කි.