කිසිදු වගකිමක් නොමැති නිෂ්පාදිතයා හෝ බෙදාහරින්නා සඳහන් නොකළ පිළිකා කාරක සහිත මුහුණු හා සම අලේපන ඇසුරුම් දහසකට ආසන්න ප්‍රමාණයක් පුත්තලම නගරයේ කාන්තා රුපලාවන්‍ය දෑ අලෙවි කරන ස්ථාන වටලා අත්අඩංගුවට ගත් බව පුත්තලම පාරිභෝගික අධිකාරිය කියයි.
පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිළධාරින් අද (19දා) පුත්තලම නගරයේ කාන්තා රුපලාවනය දෑ අලේවි කරන ස්ථාන 14 ක් වටලා එම ස්ථාන වල අලෙවි කිරීමට තිබූ මෙම පිළිකා කාරක සහිත මුහුණ හා සම අලේපන ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබුණි.
අදාල අලේපන තොගය ශ්‍රී ලංකාවට පාකිස්ථානය , ඉන්දියාව ,ඇතුළු රටවලින් ගෙන්වා ඇති බවද පාරිභෝගික අධිකාරිය කියයි.