අධි සුඛෝපභෝගී මගී නෞකාවවක් වන MV. MEIN SCHIFF 3 නෞකාව ඊයේ (26දා) කොළඹ වරායට සේන්දු වී තිබේ. එම නෞකාව කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර එහි මගීන් 2430ක් හා කාර්ය මණ්ලයේ 995ක් ගමන් කරයි.
නෞකාව ජර්මනියේ TUI Cruises නෞකා ජලායට අයත්වන මගී නෞකාවකි. මෙම නෞකාවේ උපරිම දිග මීටර් 295ක් වන අතර, උපරිම පළල මීටර් 36කි. කාමර 1250ක් සහිත නෞකාවේ රැගෙන යා හැකි මගීන් සංඛ්‍යාව 2,500කි.
පසුගිය මැයි මාසයේදී යුරෝපයෙන් දියත් වූ නෞකාව යුරෝපයේ වරායයන් අතර සංචාරයකින් පසුව සුවස් ඇල පසුකරමින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත පැමිණි අතර, ඉන් පසුව දකුණු ආසියානු සංචාරය ආරම්භ කෙරිණි. ඉන්දියාවේ මුම්බායි වරායේ සිට කොළඹ වරායට පැමිණි නෞකාවේ එළැඹෙන ගමනාන්තය තායිලන්යේ පුකට් වරායයි.