අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් රහස් පොලීසිය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, රහස් පොලීසියේ අධ්යක්ෂවරයා, රහස් පොලිසියේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සඳහන් කර සිටින්නේ ඉකුත් රජය සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් පිරිසක් අතුරුදන් වීමේ සිද්ධියේ සාක්ෂිකරුවෙකුට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව රහස් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

popular news
-
rocky Monday, 25 February 2019 08:00 PM
ඉතින්? පරීක්ෂණ පැවත්තුවාම ඒකෙ ඇති වැරැද්ද මොකද්ද? රණ විරුවන් සහ මිනි මරුවන් අතර ඇති වෙනස ජනතාව දන්නවා!
Reply : 0 0
Kumar Monday, 25 February 2019 10:39 PM
කර්නාගොඩ මහත්මය උසාවියට ගොසින් තමන්ගේ මානව අයිතිවාසිකම් පිටුපස සැඟවෙන්න හදනව. මැරුණ අයට ඒ වැනි ආරක්ෂාවක් ලබාගන්න අවස්ථාවක් ලැබනෙනෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
