වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අද (30දා) දිනයෙන් පසු අඩු වී යන නිසා දවස පුරා වැසි ඇතිවීමද ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහෙත් අන්තර් මෝසම් තත්ත්වය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරියේදී සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවට නිරිත දෙසින් අරාබි මුහුදු ප්‍ර‘දේශයේ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී දිවයිනෙන් බැහැරව ගමන් කරන බවත්, මේ නිසා එමගින් ඇති වූ තදවැසි හා දවස පුරා වැසි ඇති වීමත් ක්‍රම ක්‍රම‘යෙන් අඩුවන බවද ඇය පවසා සිටියාය.
අද (30දා) දිනයේදී උතුර, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 තරම් වූ තද වැසි ඇතිවිය හැකි අතර, වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව ත්‍රිකුණාමලය සිට හම්බන්තොට, ගාල්ල හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවත්, සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.