මුළු රටම අර්බුදයට ලක් කරපු එක්සත් ජාතික පක්ෂය අද අර්බුදයට ලක් වි ඇති බවත් , එය එක්සත් ජාතික පක්ෂයට දිට්ඨධම්මවේදනීය කර්මය පරිසම් දිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
අද කොළඹ පැවති රැස්විමකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
"රට ගොඩනඟනවා කියලා බොරු කියලා බලයට ආපු එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුව අපේ රටේ දේශපාලන සමාජීය සහ ආර්ථික වශයෙන් අර්බුදයට ලක් කලා. අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානතම ගැටලූව වෙලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමයි. සජිත් රනිල් කරු නවීන් රාජිත සියලූ දෙනා ජනාධිපති අපේක්ෂක තරගයට පොර බදනවා.මේ සියලූ දෙනාගෙන් කුමන අපේක්ෂකයා ආවත් ඔහු පරාජය කරන්න පුළුවන් දක්ෂ අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කර තිබෙනවා.
අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි විසිරිලා ඉවරයි එම පක්ෂය තව වසර ගණනාවකට ගොඩගන්න බැහැ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තව තියෙන්නේ දින 89. නාම යෝජනා භාරදීම සඳහා තව දින පනස් නවයක් තිබෙනවා.
ඔය අතරේ අමාත්‍යාංශ තුනක කිසිම විළිලැජ්ජාවක් නැතුව අහිංසක ජනතාවගේ මුදල් නාස්ති කරමින් තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස පාඨලී චම්පික රණවක රාජිත සේනාරත්න යන අයගේ අමාත්‍යාංශවල ඉතාමත්ම නරක ආකාරයෙන් ජනතාවගේ මුදල් නාස්ති කරනවා. ජනාධිපති අපේක්ෂක වේයැයි සිතා ගෙන තම තමන්ගේ ප්‍රතිරූපය නැංවීම සඳහා මේ මුදල් විවිධ ප්රචාරක කටයුතු සඳහා වැය කරනවා.
මම මේ අමාත්‍යාංශවල මුදල් සම්බන්ධ සියලුම නිලධාරීන්ට කියන්න කැමතියි තව දවස් 89කින් බන්ධනාගාර ගත වෙන්න සූදානමින් ඉන්නේ කියලා. රාජිත සේනාරත්න ඇමතිතුමා අධි මානසිකත්වයකින් මේ දවස් වල විවිධ පුරාජේරු කථා කියමින් ඉන්නවා. මම එතුමාට අභියෝග කරනවා රට දිනවන්න කතා කරන්න කලින් පුළුවන් නම් බේරුවල ආසනය දිනා ගන්න කියලා. අද බේරුවල ප්‍රදේශයේ තිබෙන තත්ත්වය හැමදෙනාම දන්නවා. මුස්ලිම් සහ සිංහල ජනතාව මේ ආණ්ඩුව පළවා හරින්නේ කොයි විනාඩියෙ ද කියලයි බලාගෙන ඉන්නේ.
අකිල විරාජ් කාරියවසම් කියන්නේ අධ්‍යාපනයට ලැබුණු විකෘති ම අමාත්‍යවරයායි. අපේ අතීතයේ අධ්‍යාපන ඇමතිවරු කොයිතරම් වැඩ කොටසක් සිදු කළාද කියලා අපි දන්නවා. සී ඩබ්ලිව් ඩබ්ලිව් කරනංගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා. ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් සුවිශේෂී වැඩ කොටසක් කළා. රිචඞ් පතිරණ කියන්නේ කීර්තිමත් අධ්‍යාපන අමාත්‍යවරයෙක්. බන්දුල ගුණවර්ධන මහතා ගමට තාක්ෂණය ගෙන ගියා. නමුත් අකිල විරාජ් කාරියවසම් කියන මේ විකෘති ඇමතිවරයා යටතේ වැඩියෙන් බදු ගෙවන අයගේ ළමයින්ට ජාතික පාසල් දෙනවා කියලා කියනවා. එතකොට පාසල අවට ඉන්න අහිංසක දෙමාපියන්ගෙන් දරුවන්ට කාගේ පිහිටක්ද ලැබෙන්නේ" යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි