රටේ ප්‍රධාන වාහකයා බවට මාධ්‍ය පත්ව ඇති බවත් ප්‍රවෘත්තිය කියවිමට පෙර මාධ්‍ය ආයතනය කියවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසිය.
‘‘ රට අරාජික කළ මහජන ආරක්ෂාව බිළි දුන් ආණ්ඩු වහා ඉල්ලා අස්වෙනු ’’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ මාතරදි සංවිධානය කර තිබු විරෝධතාවය සහ මහජන රැස්විම අමතමින් ඔහු මේ බව පැවසිය.
එහිදි අදහස් පලකල අනුර දිසානායක මහතා මෙසේ පැවසිය
‘‘ අද රටේ ප්‍රධාන වාහකයා බවට මාධ්‍ය ආයතන කිහිපයක් පත්ව තිබෙනවා. මේ හැම නාලිකාවකම දේශපාලනයක් තියෙනවා . ඒක අපි හොඳටම දන්නවා. මේවා ස්වාධින පුවත්, ස්වාධින වාර්තා ලෙස සලකන්න එපා. මේ හැම නාලිකාවක්ම තමන්ට වු දේශපාලන න්‍යාය පත්‍රයක කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා මේ රටේ පුරවැසියන්ට අපි අධ්‍යයනයක් ලබාදිය යුතුව තිබෙනවා ප්රවෘත්ති කියවන්න කලින් මාධ්‍ය ආයතනය කියවන්න.
මේ හැම නාලිකාවකගෙම නියම තොරතුරු අප ළඟ තියෙනවා. කොටස් වෙළද පොළේ සෙල්ලම් දාලා, අදත් කොටස් වෙළද පොළේ ගණුදෙනු තියෙන, ගිය සැරේ එජාපයේ පළාත් පාලන මැතිවරණ මෙහෙයුම භාරගත්ත , ඊළග ජන්දයෙන් ගාල්ල රත්ගමින් ඉල්ලන්න ඉන්න ඇය තමයි සමහර නාලිකාවල අයිතිකාරිය. තව තියෙනවා ලංකා බැංකුවේ , මහජන බැංකුවේ චෙක්පත් මු ද්‍රණය කරන්නේ ඒ පුවත්පත් ආයතනයට අයිති මුද්‍රණාලයේ , එය විශාල කොන්ත්‍රාත්තුවක්. පුවත්පත කියවන්න කලින් ඒ ආයතනය කියවලා ඉන්න ’’ යැයි පැවසිය.
තවත් නාලිකා තියෙනවා තමන් උපයාගත් ධනය කවර ආකාරයෙන් උපයාගත්තද කියලා රටට පැහැදිලි කරන්න බැරිව යම් යම් දේශපාලන කඳවුරු සමග එකතු වි තිබෙන බව අපි දන්නවා, බොහෝ මාධ්‍ය ආයතන වලට දේශපාලනයක් තියෙනවා. ඒ නිසා ප්‍රවෘත්තිය බලන්න කලින් නාලිකාව කියවලා ඉන්න. ඇයි අද ඉතාම අසත්‍ය මාධ්‍ය ප්‍රවාහයක් ගොඩ නැගිලා තියෙනවා. ජනතාව විශාල මුලාවකට ගෙන යමින් තියෙනවා. අපි දැක්ක පසුගිය දවස්වල 21 ඉදන් මැයි 13 දක්වා මාධ්‍ය රටෙි විශාල භිෂණයක් නිර්මානය කරලා පෙන්නුවා. කඩු පිහි පෙන්නලා කිවුවා මුස්ලිමි සමාජය සිංහල සමාජය සමුල ඝාථනය කරන්න හිටියේ උබලා තවමත් බලා ඉන්නෙ ඇයි ගිහිල්ල ග හපන් කියලා, ඉතින් ගැහුවා, මිනුවන්ගොඩදි නාත්තන්ඩියේදි කඩ ගිනිතිවුවා, නිවෙස් ගිණි තිවුවා එක් පුද්ගලයෙන් ඝාථනය කරා. පහුවදාට ගිනි තියපුවා පෙන්නලා මෙන්න මාධ්‍ය නාලිකා අඩන්න ගන්නවා. ඒ නිසා ගොඩක් අයට උවමනාවක් තියෙනවා 21 වෙනිදා ඇතිවුන සිද්ධිය තව දුරටත් අස්ථාවරභාවයකින් ජන්දය දක්වා ගෙනියන්න. මාධ්‍ය සෑම තිරනාත්මක සිදුවිමකදි තමන්ගේ න්යායපත්රය අනුව හැසිරිමක් තියෙනවා. එසේනම් සැලසුම් කරන ලද මාධ්‍ය මෙහෙයුමක් අද තියෙන්නේ. අපට වගකිමක් තියෙනවා සමාජය මේ අන්ධකාරයෙන් මුදාගන්න ’’ යැයි දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.