අද දින මේ වන විට (රාත්රී 11) වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන ගණන 43ක් වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ සියලුම රෝගීන් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අය වෙයි.
කුවේට් සිට පැමිණි 6ක්, මාලදිවයිනේ සිට පැමිණි 6 ක්, ඉන්දියානු ජාතික නාවිකයන් 1ක්, එක්සත් අරාබි එමිර් සිට පැමිණි 1ක්, ඉන්දියාවේ සිට පැමිණි 3ක් හා කටාර් සිට පැමිණි 26 ක් මෙසේ ආසාදිතයන් බවට පත්ව තිබේ.
මේ අනුව ශ්රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 3092ක් දක්වා ඉහළ ගොස් තිබේ.