යුද සමයේදි අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා වවුනියාවේ සත්‍යග්‍රහයක නිරත වී සිටින අතුරුදහන් වූවන්ගේ ඥාතීහු ඊයේ (24) දින පොල් ගසමින් දේව කන්නලව්වක නිරත වූහ.
වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයට මේ වනවිට දින 1010 ක් ගෙවි ඇතත් ඔවුන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් ඊයේ දින විරෝධතා පෙළපාලියකින් වවුනියාව කන්දසාමි කෝවිල වෙතට පැමිණීමෙන් පසුව තමන්ට විසඳුම් ලැබේවා යැයි දේවයන්ගෙන් අයදමින් පොල් ගසා දේව කන්නලව්වක නිරත වූහ.
තම ගැටලු වෙනුවෙන් මෙතෙක් කිසිදු බලධාරියෙකුට විසඳුමක් ලබා දීම නොහැකි වූ බවටත් අතුරුදහන් වූවන් වෙනුවෙන් යැයි පවසා පසුගිය රජයෙන් පත් කල අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල සම්පූර්ණ මුලාවක් බවටත් එය ජාත්‍යන්තරය රැවටිමට පසුගිය රජය ගත් උත්සාහයක් බැවින් ජාත්‍යන්තරය මේ පිළිබඳව මැදිහත් වි තමන්ට සාධාරණයක් ඉටු කර දෙන මෙන් වවුනියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
