නාවින්න, මහරගම ප්රදේශයේ පදිංචි අවුරුදු 15ක දැරියක් අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම දැරිය පසුගිය ජනවාරි මස 07 වැනි දින සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර මෙතෙක් සිදුකරන විමර්ශණ අනුව අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවද පොලීසිය සඳහන් කරයි.
අදාල දැරියගේ විස්තර පහතින් ඇති අතර ඇය පිලිබඳ යම් තොරතුරක් වේ නම් මහරගම පොලිස් ස්ථානාධිපති වෙත හෝ මහරගම පොලිස් ස්ථානය වෙත දැනුම්දීමක් සිදුකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නම - නේහා කෞමදි හේරත්
වසස - අවුරුදු 15
රූප විස්තර - උස අඩි 05 අඟල් 03ක් පමණ තලෙළු පැහැයක් ඇති අතර කොණ්ඩය පිට මැදට වවා ඇති අතර සිහින් සිරුරක් හිමිය.
අවසන් වරට ඇඳ සිටි ඇඳුම - කොළ පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිකමක්
එම දැරිය සම්බන්ද තොරතුරක් වේනම් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය ඉල්ලීමක් කරයි
මහරගම පොලිස් ස්ථානාධිපති - 071 8591645
පොලිස් ස්ථානය මහරගම - 011 2850222 / 011 2850700
