මාතර , මිරිස්ස ප්‍රදේශයේ පසුගිය මස 30 වනදා වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අතුරුගිරියේ ජෙරමි යන අය ප්‍රවාහනය කිරිමේ කටයුතු සිදුකල බවට සැක කෙරෙන තලංගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (8) රාති‍්‍රයේදි කොළඹ මෝදර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව වැලිගම පොලීසිය පවසයි . මෙසේ අත්අඩංගුවට පත්වුයේ තලංගම පොලීසියට අනුයුක්තව සේවය කළ මාලඹේ ප්‍රදේශයේ පදිංචි අයෙකි .
සන්නද්ධ කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ සමිපතමයෙක් වෙන ෂන්ෂයින් සුද්දා නොහොත් අමිල ප්‍රසන්න (28) යන අයට පසුගිය මස 30 වනදා මිරිස්ස ධිවර වරාය පාරේදි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තැබිමක් සිදු කොට තිබු අතර එහිදි එක් සැකකරුවෙක් ගම්වාසින් විසින් පොලීසිය වෙත අල්ලා දි තිබු අතර වෙඩි තැබිම සිදුකල ප්‍රධාන සැකකරු පසුගිය 3 වනදා වැලිගම මෝදර ප්‍රදේශයේදි විශේෂ කාර්ය බලකායේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැලිගම පොලීසිය වෙත භාර දෙනු ලැබිය .
පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් වලදි කොළඹ සිට මාතර , මිදිගම ප්‍රදේශයට පැමිණි ආකාරය පිළිබදව පවසා තිබු අතර එහිදි අනාවරණය වුයේ තලංගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් මෝටර් රථයක් මගින් මිදිගමට රැගෙනවිත් වෙඩි තැබිම සිදුකිරිමෙන් පසු දින දෙකකින් පමණ යලි කොළඹට රැගෙන ගොස් තිබෙන බවත්ය .
ඒ සම්බන්ධව වහා කි‍්‍රයාත්මක වු වැලිගම පොලීසියේ නිලධාරින් ඊයේ (8) රාති‍්‍රයේ අදාල පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන වැලිගම පොලීසිය වෙත රැගෙන විත් තිබුණි .
පසුව අත්අඩංගුවටපත් සැකකරු අද (9) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු අතර එහිදි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කරනු ලැබුවේ හදුනා ගැනිමේ පෙරට්ටුවක් සදහා අදාල සැකකරු ලබන 11 වනදින ඉදිරිපත් කරන ලෙසත් එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්ය.