අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ගැන JVP ය කියයි
දෙමටගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ සාමාජිකයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
2015 වසරේ මහමැතිවරණයේ ජාතික ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත්ව තිබූ බවත්, පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලබන්නේ මැතිවරණයකදී තරග නොකරන විවිධ වෘත්තීකයින්ට විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් ලබාදීමට බවද පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
21 වන දින සිදුවූ සංවේදී සිදුවීම යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීම පටු දේශපාලන උවමනාවක් සඳහා සිදුකරන දෙයක් බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
popular news
-
ranjith Wednesday, 24 April 2019 04:28 AM
තොත්ත බබල වෙන්න එපා මේ අපරාදයට සම්බන්ද මෙම කාලකන්නිය ඔයාලගේ පක්ෂයට කෙසේ හෝ සමබන්ද වීම පිළිකුලෙන් ජනතාව හෙළ දකිනවා
Reply : 0 40
liyanage Wednesday, 24 April 2019 07:42 AM
යකෝ ජාතික ලය්ස්ටුවෙන් දාන්නේ පාරේ යන එවුන්ට අඩ ගහලද ?
Reply : 0 48
Don Wednesday, 24 April 2019 07:50 AM
එයා JVP එකට million කීයක් දුන්නද?
Reply : 0 20
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

