මාතර , සුදුවැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘සමනලි ’’ ඩිංගි බොට්ටුව හා එහි සිටි ධිවරයන් පිළිබදව ගුවනින් හා මුහුදෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි .
මෙසේ අතුරුදන්ව ඇති ධිවරයින් වන්නේ මාතර කොට්ටගොඩ ප්‍රදේශයේ පදිංචි එම්. එම් චරිත (24) නම් එක්දරු පියෙක් සහ එම ප්‍රදේශයේම පදිංචි ශෂිදු දිල්ෂාන් (22) නම් අවිවාහක තරුණයෙකි.
පසුගිය 21 වනදා මෙම ධිවරයන් දෙදෙනා ‘‘සමනලි ’’ ඩිංගි බොට්ටුවෙන් මාතර සුදුවැල්ල ධිවර වරායෙන් පාන්දර 4 ට පමණ මුහුදු ගොස් ඇති අතර ඔවුන් 23 වනදා උදැසන වන විට ගොඩබිමට ඒමට නියමිතව තිබුණි. එහෙත් අද (26) දිනය වනවිටත් ධිවරයන් දෙදෙනා සහ යාත්‍රාව පිළිබදව නිශ්චිත තොරතුරක් වාර්තා නොවේ.
මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියේ නාවික හමුදා ගුවන්යානා දෙකක් මගින් සහ ඩොලර් යාත්‍රා කිපයක් මගින් මෙම ධිවරයන් සොයා විමර්ශනය සිදුකල බවත් එහිදි ධිවර යාත්‍රාවක් පාවෙමින් තිබෙනවා දැක ඒ පිළිබද සොයා බැලිමක් කිරිමේදි එය වෙනත් යාත්‍රාවක් බවත් එම යාත්‍රාවේ ධිවරයන් නිදාගෙන සිට ඇති අතර පසුව ඔවුන් මාලූ ඇල්ලිමේ කටයුතුවල නිරිත වි තිබේ .
එසේම මත්තල ගුවන්තොටුපොළ සිට නාවික සැතපුම් 50 ක් පමණ දුරකින් ඩොලර් යාත්‍රාවක් මගින් යම් යාත්‍රාවක් අදිමින් තිබෙන බවට වාර්තා වි ඇති බවත් ඒ පිළිබදව නිශ්චිතවම තවම තොරතුරක් වාර්තා නොවන බවත් ඒ පිළිබද සොයා බැලිම් සිදුකරමින් පවතින බවත් ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැවසිය .
ධිවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ උපදෙස් මත ආපදා කළමනාකරන ඒකකය , ආරක්ෂක අමාත්‍යංශය , ධිවර අමාත්‍යංශය හා ගුවන් හමුදාව එක්ව මෙම ධිවරයන් සොයා මෙහෙයුම් දියත් කරනු ලබයි .