ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල්හි ප්‍රධානියා වන 64 හැවිරිදි මෙන්ග් හොන්ග්වෙයි තමන් රඳවාගෙන ප්‍රශ්න කරන බව චීන බලධාරීන් තහවුරු කර තිබේ.
පසුගියදා සිය චීන සංචාරය අතරතුරදී ඔහු අතුරුදන්ව ඇති බව ඔහුගේ බිරිඳ ප්‍රංශ පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණු අතර, පසුව ඔහු සොයාගැනීම සඳහා ඉන්ටර්පෝල් විසින් ඉන්ටර්පෝල් මෙහෙයුමක්ද දියත් කර තිබුණි.
චීන ජාතිකයෙකු වන ඔහු ප්‍රංශයේ සිට චීනය වෙත සංචාරය කර තිබුණු අතර, දැනට වසර දෙකක කාලයක් පුරා ඔහු ඉන්ටර්පෝල් ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියි.
බීජිං පාලනය කියා තිබුණේ එරට දූෂණ විරොධී ඒකකය විසින් රටේ නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
චීනයේ මහජන ආරක්ෂාව සම්බන්ධ උප අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබූ ඔහු පසුගිය සැප්තැම්බර් 25 වැනිදා ප්‍රංශයේ ලියෝන් සිට චීනය වෙත පැමිණි අවස්ථාවේදී අතුරුදන්ව තිබුණි.
මේ අතර, ඊයේ (07දා) දිනයේ සිට ඔහුගේ ඉල්ලා අස්වීමද තමන් වෙත ලැබුණු බව ඉන්ටර්පෝල් තහවුරු කරයි.
එසේම ඔහු අතුරුදන් වීමෙන් පසුව ඔහුගේ බිරිඳට සමාජ මාධ්‍ය සහ දුරකතන හරහා තර්ජන එල්ල වූ බැවින් ඇයට ආරක්ෂාව සැලසීමටද ප්‍රංශ පොලීසිය කටයුතු කර තිබුණි.
64 හැවිරිදි මෙන්ග් මෙලෙස චීනයේ සංචාරය කළේ කවර හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොතිබුණු අතර, චීන බලධාරීන්ද ඔහුගේ චීන ගමන පිළිබඳව හෝ අතුරුදන්වීම පිළිබඳව මුලින් මුනිවත රකිමින් සිටියේය.
රටවල් 192ක සාමාජිකත්වයක් සහිත ඉන්ටර්පෝල් ආයතනය ලොව පුරා අතුරුදන් පුද්ගලයන් සහ අත්‍යාවශ්‍ය පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම්වල යෙදී සිටින ජාත්යනන්තර ආයතනයකි.