අතිරික්ත කොවිඩ්-19 මර්දන එන්නත හැකි ඉක්මනින් සංවර්ධනය වෙමින් පවතින රටවලට මුදා හරින ලෙසත්, එන්නත් නිෂ්පාදනය වේගවත් කරන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දියුණු ආර්ථිකයන් හතෙන් (G7) ඉල්ලා සිටියහ.
G7 වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් එන්නත් ප්‍රසම්පාදනය සඳහා සම්බන්ධ රජයන්, ඖෂධ සමාගම් සහ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේ එන්නත් කොන්ත්‍රාත්, ගනුදෙනු හා බෙදාහැරීම් පිළිබඳ විනිවිදභාවය ඉහළ නංවන ලෙසයි.
"එන්නත් වඩාත් පුළුල් ලෙස බෙදා හැරීම හදිසි ආර්ථික අවශ්‍යතාවයක් මෙන්ම සදාචාරාත්මක අවශ්‍යතාවයක්ද වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව ඇතුළු සෑම කෙනෙකුටම එන්නත් ලබාගත හැකි වන තෙක් කොරෝනා වෛරස වසංගතය අවසන් වන්නේ නැහැ." IMF හා ලෝක බැංකු ප්‍රධානීන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.