අත්‍යවශ්‍ය කරුණකට හැරුණු කොට වෙනත් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංචාරයේ නොයෙදෙන ලෙස එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට උපදෙස් දී තිබේ.
එක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසා ඇත්තේ පුද්ගලයන් 350කට අධික පිරිසක් මරු කැඳවමින් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලවෙන් පසුවය.
ඒ අනුව, විදේශිකයන් නිතර ගැවසෙන ස්ථාන ඇතුළුව ඉවක් බවක් නොමැතිව ප්‍රහාර එල්ල කිරීමට ත්රස්තවාදීන් බොහෝ විට උත්සාහ ගැනීමට ඉඩ ඇති බවට එක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වැඩිදුරටත් අනතුරු අඟවයි.