රුපියල් 25,000ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (නියාමන) ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියට පමුණුවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ, එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.
ඒ අනුව විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බව මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
සහාධිපත්යයකට අදාළ අනුකූලතා සහතිකයක් නිකුත් කිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගත් අවස්ථාවේදී අදාළ අධිකාරියේ කාර්යාලය තුළ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.