අඩු වයසින් වන මුස්ලිම් විවාහ නැවැත්විය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවැසීය. ඊයේ දිනයේදී මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
මල්වතු නාහිමි හමුව
වගකීමක් තිබෙනවා. යුතුකමක් තිබෙනවා ව්‍යවස්ථාවට අනුව බුදු දහම පෝෂණය කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියන්නේ බුදු දහම අනුව පෙනී ඉන්නවා කියන එකත් යුතුකමක්.ජාතිය ආගම කෙසේ වෙතත් අපි ඒ දේ තහවුරු කරනවා.
අස්ගිරි මහ නාහිමි හමුව
අඩු වයසින් විවාහ වෙන එක නවත්වන්න ඕන. මුස්ලිම් කාන්තාවෝ සංගම් හැටියට ඇවිල්ල මාව හම්බවුණා. මේක අපේ අවධානය යොමුවෙලා තියෙන දෙයක්. අපි දන්නවා අභියෝගාත්මකයි නමුත් රට වෙනුවෙන් කළ යුතුයි.
මල්වතු අනුනාහිමි හමුව
මාව තෝරා පත්කරගෙන තියෙන්නේ මේ රටේ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩ කරන්න. මම හෝඩියේ පංතියේ ඉදලම සිංහලෙන් ඉගෙන ගත්තේ. මම ඉස්ලාම් ආගම ඇදෙහෙව්වාට සංස්කෘතිමය වශයෙන් මම පෝෂණය වෙලා තියෙන්නේ ලංකාවේ සංස්කෘතියේ. ලංකාවේ සංස්කෘතිය කියන්නේ සියයට 70ක් 80ක් සිංහල බෞද්ධ සංස්කෘතිය.
අපේ සමාජය තුළත් ඕනෑම සමාජයක් තුළත් යම්කිසි කොටසක් ඉන්නවා අන්තවාදී අදහස් දරණ. අපි උත්සාහ කරන්නේ ඒ අයව තෝරාගෙන කොහොමද පුනරුත්තාපනය කරන්නේ කියලා. බහුතරයකට අවශ්‍යයි හොඳට ශ්‍රී ලාංකිකයන් හැටියට එකට ජීවත් වෙන්නෙ.