ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටට අවශ්‍ය දේ මෙරට තුළම නිෂ්පාදනය කර කෘෂිකර්මාන්තය ශක්තිමත් කර ගොවින්ට රටේ නිෂ්පාදනය කරන ලද බිජ අඩුමිලකට ලබාදෙන බව වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන ,බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසිය.
නුවරඑළිය සිතාඑළිය බිජ නිෂ්පාදන රාජයේ ගොවිපලේ සහ මිපිලිමාන රජයේ ගොවිපලේ නිරික්ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා එ බැව් පැවසිය.
මෙහිදි මාධ්‍යයට අදහස් දැක්වු ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ,
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අපේ රටට අවශ්‍ය බිජ අපේ රටේම නිෂ්පාදනය කරන්න සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. අපේ රටේ ගොවින්ට ඉතා අඩු මිලකට අපේ රටේ නිෂ්පාදනය කරන ලද බිජ ලබාදෙනවා.
සැමදේම රටින් ගේනවා වෙනුවට අපේ රටේම නිෂ්පාදන කරන්න වැඩපිලිවෙලක් දියත් කරනවා. කෘෂිකර්මාන්ත අමාත්‍යංශය කියන්නේ ආයතන ගණනාවකින් සැදුම්ලත් මේ රටේ කොදු නාරටිය. නමුත් මේ ආයතන වල නිලධාරින්ට රජයේ ප්‍රතිපත්ති සමග ලැබෙන සහයෝගය පිළිබදව ගැටලු තියෙනවා.
ගොවියා මත විශ්වාසය නොතිබ්බොත් හැමදාම රටින් එනකම් බලන් ඉන්න වෙනවා. ගොවියන්ට කියන්නේ අපි ගැන විශ්වාසය තියා ගන්න ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පිලිබදව විශ්වාසය තබා වගා කටයුතු සිදු කරන්න. අපි ඔබට පහසු මිලට අවශ්‍ය සැම දේම ලබාදෙනවා.
ගොවියාගේ පැත්තෙන් මෙන්ම පාරිභෝගිකයාගේ පැත්තෙන් බලන්නත් ඕනි . එ නිසා මුදලින් මේ සියල්ල අඩු කරනවා මෙන්ම ගුණාත්මකභාවයෙන් වැඩි කරන්න කටයුතු කරනවා. අත්දැකිම් සහිත ගොවියන් සමග ගොවි ගම්මාන ඉදි කරනවා සැම බිජ නිෂ්පාදනයක් සඳහාම" යනුවෙන් පැවසිය.