ගෝලීය වශයෙන් කොවිඩ්-19 සිද්ධි සංඛ්‍යාව ඉහළ යත්ම, ලෝක එන්නත් අසමානතා පරතරය පියවා ගැනීම සඳහා අඩු ආදායම් රටවලටත් එන්නත් ලබාදෙන ලෙස ලොව පුරා ධනවත් ජාතීන්ගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් ඉල්ලා සිටියි.
"මේ වනවිට එන්නත් ලබාගැනීමට අවශ්‍ය සහ එන්නත් අත්‍යවශ්‍ය පිරිසක් සිටිනවා. නමුත් අප වඩා හොඳින් එන්නත් බෙදාහදා ගැනීමක් සිදුකරන තුරු ඔවුන්ට එම එන්නත් ලබාගැනීමට හැකියාවක් නැහැ." වෛද්‍ය රයන් අතථ්‍ය ප්‍රශ්නෝත්තර සාකච්ඡාවකදී පැවසීය.
රටවල් එන්නත් කිරීම ආරම්භ කළ දින 36 තුළ මේ වනවිට එන්නත් මාත්‍රාව මිලියන 28ක් දැනටමත් පුද්ගලයන්ට ලබාදී ඇති බව ඔහු පැවසීය. රයන් පවසන පරිදි දැනට එන්නත් ලබා ඇති රටවල් 46 අතර අඩු ආදායම් ලබන රටවල් ඇත්තේ එකක් පමණි.
"අපි ඇත්ත වශයෙන්ම මෙය දෙස බැලිය යුත්තේ සමානාත්මතාව ඇති කිරීමේ අරමුණින් යුතුවයි" රයන් පැවසීය.
පසුගිය සතිය තුළ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5ක් සහ මරණ 85,000ක් වෛරසයට සම්බන්ධ වී ඇතැයිද වෛද්‍ය රයන් පැවසීය.
"අග්නිදිග ආසියාව හැරුණු කොට අනෙකුත් සියලුම කලාපවල ආසාදිතයන් වැඩිවීමක් පෙන්නුම් කරනවා" යැයි වෛද්‍ය රයන් අවධාරණය කරමින් කියා සිටියේ ඇමෙරිකානු කලාපය තවමත් නව රෝගීන්ගෙන් අඩකටත්, ගෝලීය වශයෙන් මරණවලින් 45%කටත් වගකියන බවයි.
"මෙවර කොවිඩ්-19 වසංගතයේ පරිපූර්ණ කුණාටුව සඳහා සීත දේශගුණය, මිනිසුන් සංවෘත පරිසරයන් තුළට පිවිසීම, සමාජ මිශ්‍රණය වැඩිවීම ආදී සාධකවල එකතුවක් බොහෝ රටවල සම්ප්‍රේෂණය වැඩි කිරීමට හේතු ලෙස අප දකිනවා" වෛද්‍ය රයන් පැවසීය.
"ඉවසීම, කරුණාව සහ සහයෝගීතාව ගැන කතා කරන විට එය සිත්ගන්නා කරුණක්. ඒවා බොහෝ විට මේ වසංගතය සමග සටන් කිරීමට අපට ඇති ප්‍රබලම ප්‍රතිප්‍රහාර අවි විය හැකියි. මෙය අවසන් කළ යුත්තේ ඔබමයි." ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් වැඩිදුරටත් කියා සිටියේය.