2020 අගෝස්තු මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 6.2%ක් බව එහි අධ්යක්ෂ ජනරාල් මෙම නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත. පසුගිය ජූලි මාසයේ මතුපිට උද්ධමනය 6.1%ක් ලෙස වාර්තා විය.
2020 අගෝස්තු මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 5.7%ක හා ආහාර නොවන කාණ්ඩයේ 0.6%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. එහෙත් 2019 අගෝස්තු මාසයේ 3.4% ක්වූ මතුපිට උද්ධමනයට ආහාර කාණ්ඩයේ දායකත්වය 0.3%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 3.1%ක් විය.
2019 අගෝස්තු මාසයට සාපේක්ෂව 2020 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ ප්‍රතිශතය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පොල්, සහල්, කහ කුඩු, පොල්තෙල්, පොල්තෙල්, සීනි සහ අළුත් මාළු යන ආහාර ද්‍රව්‍යවල පැවති ඉහළ මිල මට්ටම් ය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කලවිට, 2020 ජූලි මාසයේ 137.3ක් වූ දර්ශකාංකය 2020 අගෝස්තු මාසයේ 137.8ක් දක්වා ඉහළ යාමක් වාර්තා විය.
පසුගිය මාසය හා සංසන්දනය කලවිට 2020 අගෝස්තු මාසයේ දර්ශකාංකය 0.5ක වැඩිවීමක් එනම් 0.4ක ප්‍රතිශතකාංක වැඩිවීමක් වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ දර්ශක අගය 0.24% කින් වැඩිවීම සහ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය 0.15%කින් වැඩිවීම දායක වී ඇත.