අගලවත්ත රාජ්‍ය බැංකුවක් වසයි
කොරෝනා වෛරසය ආසාදිත වූ මතුගම කොළඹ සුඛෝපබෝගී බස්රථයක රියදුරෙක් අගලවත්ත රාජ්‍ය බැංකුවකට මීට දින කීපයකට ඉහතදී ගොස් තිබීම හේතුවෙන් එම රාජ්‍ය බැංකුව (19) වසා දැමීමට පියවර ගත් බව අගල වත්ත සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි
එම රියදුරු සමඟ මේ වන විට අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිත රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇත .
එම තිදෙනා අගලවත්ත ඕමත්ත පාර ,වලව්වත්ත හා බේරගම පදිංචිකරුවන් ය.
අධිවේගී මාර්ගය ඔස්සේ මතුගම සිට කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී බස් රථ දෙකක රියදුරෙක් ,කොන්දොස්තරවරයක් හා එම බස් රථයක දින තුනක් ගමන් ගත් මගීයෙක් ඒ අතර වන බව අනාවරණය වී ඇත .
මෙම ආසාදිතයන් තිදෙනා සමග සමීපව ඇසුරු කළ පළමු පෙළ ආශ්‍රිතයන් 75 දෙනෙකු උදෙසා (18) අගලවත්ත ප්‍රාදේශීය සභා භූමියේ දී පි සි ආර් පරීක්ෂණ සිදුකර තිබූ අතර (19) ඔවුන්ගේ දෙවන පෙළ ආශ්රිත මෙන්ම වසා දැමුණු රාජ්‍ය බැංකුවේ සේවක මණ්ඩලය ද පි සි ආර් පරීක්ෂණ එම ප්‍රාදේශීය සභා භූමියේදී සිදුකෙරිණි .
පි සි ආර් පරීක්ෂණ වලට භාජනය කළ එම පිරිසට නිවෙස් තුළම නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදුන් බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

