බ්‍රිතාන්‍ය කොවිඩ්-19 වෛරසය හමුවේ අගුලු දමා තිබියදීත් එංගලන්තය හරහා ගමන් කරමින් සිටියදී පොලීසියට කොටු වූ ඔහුගේ ප්‍රධාන සහායක ඩොමිනික් කමිංස් වෙනුවෙන් අගමැතිවරයා පෙනී සිටිමින් ඔහු ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ.
බොරිස් ජොන්සන් පැවසුවේ "සෑම පියෙකුම සහ සෑම දෙමවුපියෙකුම කරන දෙයක් තමයි කමිංස් සිදුකර තියෙන්නේ, ඒ සඳහා ඔහුව අල්ලා ගන්න මම සූදානම් නෑ." යනුවෙනි.
තමන් ප්‍රධාන සහායකයා සමග කතා කර ඇති බවත්, මෙම තීරණය හැර තමාට විකල්පයක් නොමැති බවත් බොරිස් ජොන්සන් වැඩිදුරටත් පැවසීය.
කමිංස්, තම බිරිඳ කොවිඩ් -19 රෝග ලක්ෂණවලින් අසනීපව සිටියදී ඔහුගේ දෙමව්පියන්ගේ නිවසේ රැඳී සිටීමට සැතපුම් 260ක ගමනක් යාමට තීරණය ඔහුගේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් බවත්, මෙය මානුෂීය ක්‍රියාවක් බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.