අගමැතුමාගේ උපන්දිනයට කරන්න දෙයක් තියෙන්නත් ඕන
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙ උපන්දිනය වෙනුවෙන් දෙයක් කිරිමට අවශ්‍ය නිසා හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තැබිම සිදුකළ බව පාර්ලිමේන්තු මනත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එහිදි ඔහු හම්බන්තොට තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් කරුණු කිහිපයක්ද සඳහන් කළේය.
“ සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් සමාගම හා සිල්වර් පාක් පෙට්‍රෝලියම් සමාගමක් පිහිටුවලා තිබෙනවා. සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් සමාගම ආමර් වීදියේ කඩයක් ළඟ තිබෙනවා. සිල්වර්පාක් පෙට්‍රෝලියම් සමාගම තිඹිරිගස් යායේ එපාට්මන්ට් එකක තිබෙනවා.
රස්සා 565ක් දෙන්න සිල්වර්පාක් සමාගමට අක්කර 400ක් දිලා කියනවා ලංකාවේ ලොකුම ආයෝජනය ගෙනවා කියලා. 2016 නොවම්බර් මාසයේ ව්‍යාපෘති යෝජනාව ගේනවා . සමාගම පිහිටුවලා තිබෙන්නේ 2017 ජුනි මාසයේදීයි. සමාගම පිහිටුවන්නත් කලින් කැබිනට් පත්‍රිකාවක් දානවා.
සිල්වර්පාක් පෙට්‍රෝලියම් සමාගම පිහිටුවා තිබෙන්නේ 2019 පෙබරවාරි 21 හරියටම අවසාන කැබිනට් පත්‍රය යන්න දවස් 6කට කලින්. සිංගප්පූරු සමාගම පිහිටුවා තිබෙන්නේ 2017 ජුනි 15දා.
ලංකාවේ කැබිනට් පත්‍රයක් දාලා අක්කර 400 ව්‍යාපෘතියක් ආරම්භකරලා මේක කඩිනමින් වෙන්න ඕන කියලා අනුමැතිය දීලා තියෙන්නේ පිහිටුවාලත් නැති සමාගමකට.මේකට පරිසර වාර්තාවක් ගත්තද? ”

popular news
-
Nandana Tuesday, 26 March 2019 12:02 PM
මොකද කිරිපනුගායද ?
Reply : 1 29
Hari Tuesday, 26 March 2019 12:12 PM
කල කල දේ පලපල් පළල දේ, කට කෙයන්ද මහින්ද කල දේ
Reply : 1 42
Priyantha Tuesday, 26 March 2019 04:53 PM
කට අරියොත් මොන්ගල් කතාවක්ම තමා.අප්ප කරපුවා ඔක්කොටම ව්‍යාපෘති වාර්තාව තියනවද දන්නෙ නෑ.නැව් නැති වරායට මොනරු ගොඩබාන එයාර්පෝර්ට් එකට සම්මන්ත්රණ නැති සම්මන්ත්රණ ශාලා වලට?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

