අගමැතිගේ අමාත්‍යාංශය කියන්නත් විනාඩි දෙකක් යනවා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරණ අමාත්‍යාංශයේ නම කීමට පවා විනාඩි දෙකක කාලයක් ගතවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.ඉඅයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.
එසේම මේ වන විට ජාතික තරුණ සේවා සභාව සිරිකොත කාර්යාලයක් බවට පත් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුවේ ගතවූ වසර හතරක කාලය තුළදී ජනතාවට අසත්‍ය පවසා නොමග යැවීමට කටයුතු කළ බවත්, මහින්ද රාජපක්ෂ මහතාට දොස් පැවැරීමට කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉතිරිව ඇති සුළු කාලයේදී හෝ ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන්නැයිද ඔහු සඳහන් කළේය.

popular news
-
Koralage Friday, 15 March 2019 06:42 AM
ඒකාලේ ඔයාගේ බාප්පා බැසිල් ගේ වගේ නේද?. මොන අමාත්යාන්සටද එය හොට දැම්මේ නැත්තේ. අන්තිමට එයට විරුද්ධ තීන්දු දුන්න අර එඩිතර අග්‍ර විනිශ්ච කාරතුමියව ගෙදර යවල තමා පස්ස බැලුවේ. අන්තිමට ගම්පහ පැත්තෙන් කුජීත වුන. මහින්ද මහත්තයට අදටත් ගරුකරන මිනිස්සු ඔය පවුල ගැන තියෙන කලකිරීම නිසාම දේසපාලන වසයෙන් ලොකු අවදානමක ඉන්නේ. රනිල් ගැන ඉතින් කතා කරන්න දෙයක් නැති තරම්.දේශපාලනයට එයාව බලෙන් අරන් තමන්ගේ බල තල නැතිකරලා එයාට ඔය වරප්ප්‍රසාද හදල දුන්නේ ඔයාලගේ පවුලේ හොඳම වෛරක්කාරය වුන මයිත්‍රී නේද?
Reply : 0 40
නිමල් Friday, 15 March 2019 09:41 AM
මෙයාට සිංහල භාෂාව අමාරු ඇති ඕක කියන්න විනාඩි 2ක් යනවා නම්..
Reply : 0 38
Nandana Friday, 15 March 2019 02:27 PM
ගොතද ? ,ඕක කියවන්න ඔච්චර වෙලා. යන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

