වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 90ක් සම්පූර්ණ වේ.
මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග තීරණාත්මක සාකච්ඡාවක් අනිද්දා පෙරවරු 11ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කළේ ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවලට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබා දිය හැකි බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි අනුරකුමාර දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා ඒ බව සදහන් කළේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සහ ගුරුවිදුහල්පති වෘත්තීය සමිති අතර සාකච්ඡාව අනිද්දා (11) පැවැත්වෙනු ඇති. මෙහිදී සිය ගැටලුවලට විසදුමක් ලැබේයැයි අපේක්ෂා කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.