ශ්රී ලංකාවේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කැමත්ත ප්රකාශ කිරීමට ගත් තීරණය පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කරන්නේ සියලුම පක්ෂ නායකයන් මෙන්ම මන්ත්රීවරුන් දේශපාලන බලාපොරොත්තු පැත්තකින් තබා ජනතා තීන්දුව අනුව පාර්ලිමේන්තුව ඉතාමත්ම ඉක්මනින් විසුරුවාහැරීමට කටයුතු කරනු ඇති බවයි.