අගමැති මහින්ද හා ඉන්දිය අගමැති මෝදි අතර සාකච්ජාවක් අද
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහිදී ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ප්රමුඛ අවධානයක් යොමු කරනු ඇති.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදීද, ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබුණා. ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රා මගින් අනවසරයෙන් මෙරට මුහුදු තීරයට ඇතුළු වී මසුන් මැරීම හේතුවෙන් උතුරේ ධීවරයින් මුහුණ පා ඇති ගැටළු පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.
ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය උග්‍රවීමත් සමග ඉන්දියානු යාත්‍රා අත්අඩංගුවට ගැනීම සිදුනොවන බැවින් වැඩි වශයෙන් එරට ධීවර යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වී ඇති බව මෙහිදී අනාවරණ වී තිබෙනවා.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

